බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ කතානායක ගැන අනුර කී කතාව!

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව ගැන හිතමින් ආණ්ඩුව රකිමින් හැසිරෙන පෞරුෂයක් නැති කතානායවරයා නිසා පාර්ලිමේන්තුව තුළ විශාල අරාජිකත්වයක් නිර්මාණය වී ඇතැයි  ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින්,  මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට මැදිහත් නොවී කටයුතු කරන කතානායකවරයාත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ වියරු හැසිරීමත් ඇතකර ඇති අර්බුදය සංයමකින් විසඳා නොගතහොත් පාර්ලිමේන්තුව තවදුරටත් පලක් නැති තත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මේ ප්‍රකාශය කළේ අද බත්තරමුල්ලේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“අද(06) පාර්ලිමේන්තුවේදී ඇතිවුණු විශේෂ තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි.

පොහොට්ටුවේ කතා නායක

වර්තමාන කතානායකවරයා අතිශයින්ම පක්‍ෂග්‍රාහීයි. ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව ඔප්පුවී හමාරයි. ඔහුගේ පක්‍ෂපාතිත්වය, නිරන්තරයෙන්ම තමන්ගේ කඳවුර ගැන සිතමින් තීරණ ගැනීම සහ පෞරුෂත්වයක් නැතිකම විසින් පාර්ලමේන්තුවේ විශාල අරාජිකත්වයක් නිර්මාණයවී තිබෙනවා. “

“කාරකසභා අවස්ථාවේදී විවාදයක් පවත්වාගෙන යා යුතු වන්නේ කලින් දැනුම්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් වැය ශීර්ෂයක් කපා හැරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පමණයි. එසේ නැත්නම් එම වැය ශීර්ෂයම අහෝසි කළ යුතුයි කියා යෝජනාවක් ගෙන ආ යුතුයි. එවැනි යෝජනාවක් විපක්‍ෂයෙන් ගෙන ඒම ස්ථාවර නියෝග අනුව පිළිගෙන තිබෙනවා. එවැනි යෝජනාවක් ගෙන එන්නේ නැත්නම් කාරකක සභා අවස්ථාවේදී  විවාදයක් පැවැත්වෙන්නේ නැහැ. එම වැය ශීර්ෂය විවාදයකින් තොරවම සම්මත වෙනවා.“

“එවැනි යෝජනාවක් නැතිව ස්ථාවර නියෝග කඩකරමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, මන්ත්‍රීවරුන්ගේ අයිතීන් කිසිවක් නොසළකා කටයුතු කරමින් සිටිනවා. ඔහු මුළුමනින්ම පෙනී සිටින්නේ තමන්ගේ කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් පමණයි.“

බරපතල වියරුවක්

“ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බරපතළ වියරුවකට පත්වී තිබෙනවා. සෑම පැත්තෙන්ම ආණ්ඩුව අසාර්ථකභාවයට පත්වන විට, ආණ්ඩුවේ වංචා-දූෂණ ජනතාවට හෙළිකරව් වනවිට, පොහොර ප්‍රශ්නය පාර්ලිමෙන්තුවේ ඉදිරිපත් කරන විට, ගෑස් අර්බුදය, භාණ්ඩ මිල ඉහළ යාම, වැනි ප්‍රශ්න ඉදිරිපත් කරන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වියරුවෙන් මඩ ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබෙනවා. ආණ්ඩුව සංයමයකින් යුතුව අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නැත්නම් පාර්ලිමේන්තුව තවදුරටත් පලක් නැති තත්වයට පත්වීම වළක්වන්න බැහැ. “

කථානායකවරයා වහාම ස්වාධීනත්වයට ආ යුතුයි. සියලු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ අයිතීන් ආරක්‍ෂා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතුයි. එසේ නොකරන්නේ නම් පාර්ලිමේන්තුවේ පැවැත්ම පිළිබඳව සහ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් පිළිබඳව විශාල තර්ජනයකට ලක්වෙනවා.

ඒ නිසා කතානායකවරයා වහාම සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්‍ෂාකරන භූමිකාවට පණ පොවන්න ඕනෑ. පක්‍ෂග්‍රාහීව ක්‍රියා කරන එක වහාම නතර කළ යුතුයි කියලා අපි බලකරනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැති සබය පැය 03යි…

Next Post

පොලොන්නරුව දීප උයන අසල ගසක එල්ලූ මළ සිරුරක්….

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.