පොලොන්නරුව කලාප කාර්යාලය ඉදිරිපිට දීප උයන ආශ්‍රිත පරාක්‍රම සමුද්‍ර රක්ෂතයේ ගසක එල්ලී තිබුණු නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.
මේ එල්ලෙමින් ඇති මළ සිරුර සම්බන්ධව පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙක් විසින් දැන්වීමෙන් පසු පොලිසිය විසින් එම සිරුර පිළිබඳ වාර්තා කර ඇත.
මේ මරණය පුද්ගල ඝාතනයක් ද, එසේත් නැතිනම් සිය දිවි හානිකරගැනීමක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඇත.
පොලිසිය සැක පහළ කරන්නේ මෙම මරණය මීට දින හතරකට පමණ පෙර සිදුවී ඇති බවය.