ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි ජාතික අයිස්තු මන්ත්‍රී ආසන 17 සඳහා මේ වනවිට එම පක්ෂය තම අපේක්ෂකයන් 17 දෙනකු නම් කොට තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, පක්ෂ මහලේකම් නීතීඥ සාගර කාරියවසම්, මහ බැංකුවේ හිටපු අධිපති සහ අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතීඥ අලි සබ්රි, ජනාධිපති නීතීඥ ජයන්ත සෙනෙවිරත්න අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක මහත්මියගේ බිරිඳ වන මංජුලා දිසානායක, ආර්ථික විද්‍යා මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය චරිත හේරත්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, දිනේෂ් ගුණවර්ධන මහතා ගේ පුත් යදාමිණි ගුණවර්ධන, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස්, හිටපු ආණ්ඩුකාරිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ, හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, හිටපු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් සහ ව්‍යාපාරික ෆලීල් මර්ජාන් මෙසේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.







