ලලිත් චාමින්ද –
පොහොට්ටුව අත් හැර රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය හිනිදුම ආසන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි සම්පත් අතුකොරල සහ බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායිකා රාජ්‍ය ඇමති ගිතා කුමාරසිංහ වෙනුවට පොහොට්ටුවේ දේශපාලන සංවිධාන කටයුතු සඳහා දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි සහ , හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි දුල්ෂාන් පද්මසිරි කාරියවසම් පත් කර තිබේ.
ඒ අනුව හිනිදුම ආසනය සදහා චම්ලි විතානාච්චි මහතා සහ බෙන්තර ඇල්පිටිය ආසනය සදහා දුල්ෂාන් පද්මසිරි ඉදිරියේ දී කටයුතු කරනු ඇති බව පොදු ජන පෙරමුණ පවසයි.
එමෙන්ම අක්මිමන ආසනයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධයකවරයා වශයෙන් කටයුතු කරණ ඇමති රමේෂ් පතිරන වෙනුවට නාමල් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චානක සම්පත් මාදුගොඩ පත්කොට ඇතත් ඔහු එය එම තනතුර භාර ගෙන නැත.
කෙසේ වෙතත් තමන් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ සමග සිටින බව අප කළ විමසුමකදි චානක සම්පත් මාදුගොඩ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයා සදහන් කළේය.







