අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුව ගොවීහු වී වගාව අත්හරිති… රටට පාඩුව කෝටි 280ක්!

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර  ඒකාබද්ධ ගොවි සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා නිවේදනය කරයි...

by editor
ඔක්තෝබර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

  • අපි ආයෙ උද්ඝෝෂණ කරන්නෙ නෑ… වගාව අත්හරිනවා… පොළොන්නරුවෙ ගොවීන් අපි වගා නොකලොත් ආණ්ඩුවෙ පාඩුව කෝටි 280ක්..

  • අපි රටේම ජනතාවට මේ කියන්නේ… ඉදිරි කන්නයේදී බත් කන්න ලැබෙන්නේ නැහැ. අපි රජයට කියනවා මේ රට  සාගතයක්  කරන්න එපා කියලා.

  • දැන් අපිව මර්ධනය කරන්නනම් හදන්නෙ අපිට මේ ටික කියන්න ඕන. මහත්වරුනි. උඹලට ගොවීන් මර්දනය කරලානම් උඹලට ආයෙ ගමනක් නෑ….

රසායනික පොහොර ලබා නොදුනහොත් එළඹෙන මහ කන්නයේ දී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර  ව්‍යාපාරය යටතේ වී වගා නොකිරීමට සියලුම ගොවි සංවිධාන ඒකමතිකව තීරණය කර ඇති බවත් මේ වී වගාව අත්හැරුනහොත් රජයට අහිමිවන ආදායම රුපියල් කෝටි 280 ක් බවත්  පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර  ඒකාබද්ධ ගොවි සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා  නිවේදනය කළේය.

ඊයේ (17)  පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර  ඒකාබද්ධ ගොවි සංවිධානයේ  දිස්ත්‍රික් සභාපති ජගත් අරුණ කීර්ති ඇතුළු පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන  බහුතරයක සභාපතිවරු  එක්ව සිටියහ.

එහිදී  මාධ්‍යයට අදහස් දැක්වූ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර  ඒකාබද්ධ  ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති   මෙසේ ද කීය.

“අපි ආයේ රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණය  කරන්න කොළඹට එන්නෙ නෑ. අපි මෙවර මහ කන්නයේ වී වගා කිරීම වර්ජනය කරන්න තීරණය කරලා තිබෙනවා.  පොළොන්නරුවේ ගොවීන් හැටියට සියලුම ගොවි සංවිධාන එකතුවෙලා අපි ඒකමතිකව ඒ  තීරණය අරන් හමාරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පැහැදිලියි. තීන්දුයි. මෙවර මහ කන්නයේ  රසායනික පොහොර ලබා නොදුන්නොත් වී වගා කරන්නේ නැහැ .“

“අපි රටේම ජනතාවට මේ කියන්නේ… ඉදිරි කන්නයේදී බත් කන්න  ලැබෙන්නේ නැහැ. අපි රජයට කියනවා මේ රට  සාගතයක්  කරන්න එපා කියලා.“

“රටේ සීයට 95 ක්ම ගොවීන් වගා කිරීම්ට  රසායනික පොහොර ඉල්ලද්දී මේ ආණ්ඩුව නිහඬව බලා සිටීම විමතියට කරුණක්.  ඔවුන් රටින් රතු කුඩු වගයක් ගෙන්වලා  මේ මහපොළොවත්, වී ගොවිතැනත්  අමු අමුවේ මරන්න හදනවා. ඒ ගෙනාවෙ බණ්ඩි පොහොර. මඩ පොහොර ඕන කාලයට බන්ඩි පොහොර ගෙන්වනවා . අපි ගොවියො. අපි මේතරම් මෝඩයෝ කියලද මේ අය හිතාගෙන ඉන්නෙ. මොකක්ද මේ කරන විහිලුව. මේව තමයි  ඔලමොට්ටල වැඩ. “

“ඒ අතරෙ කාබනික පොහොර  වලින් වී වගා කරන්න කැමතියි කියලා   ජාතික ගොවි  සම්මේලනයෙ දී ගොවි සභාපතිවරුන් කීප කීපදෙනෙක් කැමතිවුණා කියලා කෘෂිකෂිකර්ම ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබුණා. ඒක අමූලික    බොරුවක්.  කිසිම ගොවි නායකයෙකු එහෙම ප්‍රකාශයක් කරලා නැහැ.“

මෙහෙම අපේ ජීවිත මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක මේ අය සෙල්ලම් කරන්නෙ කොහොම ද?. ඔවුන්   කාබනික දන්නෙත් නෑ. රසායනික දන්නෙත් නෑ. මේ විදිහට වී වගා කරන්නෙ බෑ.  ඒක තමයි ඇත්ත. දැන් හදන්නෙ අපිව මර්ධනයකරන්න නම් අපිට මේ මහත්තුරුන්ට කියන්න දෙයක් තියනවා. ගොවීන් මර්ධනය කරලා උඹලට ගමනක් නෑ…

පොලොන්නරුව  ඒකාබද්ධ දිස්ත්‍රික් ගොවි  සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති  වැඩිදුරටත් එලෙස කීවේය.

මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුම පොහොර අර්බුදය පිළිබඳව අදහස්  දැක්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිත් හිඟවන හැඩ… මනම්පිටියේ වැලි සමාගම දූෂිතයි… ටිපර් හිමියෝ වැඩ නවත්වා උද්ඝෝෂණයක…

Next Post

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් යුගදනවි ඇමරිකාවට දීම ගැන සිය ස්ථාවරය රටට කියන්නට සැරසෙති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.