දිනසේන රතුගමගේ
පොලිසියට අවස්ථා ගණනාවක දී දැනුම් දුන්නද කිසිම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් යාපනයේ කොකුවිල් කුලප්පිඩ්ඩි ප්‍රදේශයේ ගණිකා නිවාසක් වැටලූ ගම්වාසීන් පිරිසක් ගණිකා වෘත්තියේ නියැලුණු තරුණියන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු අල්ලාගෙන කොකුවිල් පොලීසිය වෙත බාර දී තිබේ.
ඊයේ (02) සිදුකළ මෙම වැටලිමේ දී එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු නිවාසයේ පිටුපසින් පලා ගිය බව ගම්වාසීහු කිහ.
මෙම ගණිකා නිවාසය පමණක් නොව යාපනයේ කුලප්පිඩ්ඩි හන්දියේ සිට ආනේකෝට්ටෙයි ප්‍රදේශය දක්වා ගණිකා නිවාස පෙළක්ම ඇති නමුත් ඒ කිසිදු ගණිකා නිවාසයකට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක් වී නොමැති බවද ගම්වාසීහු පැවසූහ.
කුලප්පිඩ්ඩි ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට බාර දුන් තරුණියන් දෙදෙනා හා අනෙක් පුද්ගලයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.







