සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ ලොකු පුටු හෙල්ලුන හැටි…

by editor
දෙසැම්බර් 4, 2024
in පුවත්
dc
Share on FacebookShare on Twitter

නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

මෙම ස්ථාන මාරුවීම් ලැබ සිටින නිලධාරීන් අතර පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් රැසකටම මුල්වූ ස්ථානයක් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරය දරමින් සිටි සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා   ද සිටියි. ඔහු ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහාය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පත් කර සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ය.

මේ හැරුණු කොට බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජනක කුමාර එම තනතුරින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබේ. ඒ වෙනුවට එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස අම්පාර කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි පොලිස් අධිකාරී ජේ.එච්.එම්.එන්. ජයපත්ම පත්කර ඇත.

මෙම ස්ථාන මාරුවීම් ඔස්සේ මෙතෙක් පොලිස් කොට්ඨාස භාර පොලිස් ප්‍රධානීන් සහ විවිධ අංශ භාර අධ්‍යක්ෂ ධුරවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට කිසිදු වගකීමක් නොලැබ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබීම විශේෂත්වයකි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ස්ථාන මාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරු පස් දෙනා අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර  ද සිටින අතර ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයටත් පොලිස් ශිෂ්‍යභට භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න  කෑගල්ල දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර  කුරුණෑගල දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත් කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ  ශිෂ්‍යභට භාර ප්‍රධානියා ලෙසත් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති යූ.එන්.පී. ලියනගේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත. – දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් විකුණා පෙට්‍රෝලියම් එක ලබපු ලාභය බිලියන 131කින් වැඩි වෙලා… පූර්ව අය වැය තත්ත්ව වාර්තාව හෙළි කරයි….

Next Post

මහජන ආරක්ෂක ඇමතිවරයාගේ විශේෂ ප්‍රකාශය… නිදහස අරන් අපට මඩ ගහන්න… ජාතිවාදය අවුලන්න ආවොත් ප්‍රතිඵල සැරයි… ඇමති කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.