රුචිර ජයදේව –
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග අද මාධ්‍යය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. එහි දැක්වෙන්නේ දරුවන් 8000ක් සහ දෙමාපියන් 35000 සහභාගීත්වයෙන් බන්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උත්වසක් සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක විසින් ආරක්ෂාව ඉල්ලූ බවත් ඇය ලබා ගත් ආරක්ෂාව අවභාවිතා කරමින් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව විමර්ශනයක් පවත්වන බවත්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මාධ්‍ය වෙත නිකුත් කර ඇති සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ගේ මාධ්‍ය ප්‍රකාශය
5 වසර ශිෂ්‍යත්ව පන්ති සඳහා උපාකරක පන්ති පවත්වන ගුරුවරියක් පොලිස් යතුරු පැදි සහ පොලිස් මෝටර් රථයක් සමග ගමන් කරන දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ අනුව මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා පොලිිසය ලෙස අවශ්‍යයයි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් යම් යම් පොදු කටයුතු සඳහා පොලිස් නිලධාරීන් පොලිස් යතුරු පැදි සහ පොලිස් වාහන මුදලට ලබා දීමක් සිද්ධ කරනවා. එවැනි අවස්ථාවක් උදාහරණයක් ලෙස
- යම් චිත්‍රපටයක් රූගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පොලිස් යතුරු පැදිවල හෝ පොලිස් ජිප් රථවල දර්ශනයක් ඔවුන්ට අවශ්‍ය නම් ඒ සඳහා මුදල් ගෙවීමකින් එම මෝටර් රථ සහ වෙනත් සම්පත් ලබාගැනීමේ හැකියාව පවතිනවා. එසේ වුවත් එවැනි අවස්ථාවක බුද්ධි වාර්තා මෙන්ම එම තිරපිටපත ගැන අධ්‍යයනයක් ද පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
- තවත් අවස්ථාවලදී යම් උත්සව අවස්ථාවකදී සංගීත සංදර්ශන වැනි අවස්ථාවලදී ඒ සඳහා ඉල්ලීමක් කළහොත් එම සංගීත සංදර්ශනය මුදල් ඉපයීමේ අරමුණින් සිදුවන සංගීත සංදර්ශනක් නම් ඒ සඳහා පොලිස් නිලධාරීන් ද මුදල් ගෙවා එම උත්සව අවස්ථාවේ ආරක්ෂාව සඳහා යෙදවීමක් සිදුකරනු ලබනවා.
මෙම සිදුවීමේ දී ද ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් ඇගයීමේ උත්සවයක් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සැපයීම සදහා තමයි මේ ඉල්ලීම අපට ලැබිලා තියෙන්නේ. ඒ සඳහා දරුවන් 8000කට ආසන්න සංඛ්‍යාවකුත් දෙමව්පියන් 35000කට ආසන්න සංඛ්‍යාවකුත් පැමිනීමට නියමිත බව කියමින් තමයි ඉල්ලීම් ලිපිය ඉදිරිපත් වුනේ.
ඒ අනුව තමයි මේ සඳහා මුදල් ගෙවීමෙන් පසු පොලිස් යුතුරු පැදි සහ පොලිස් වාහන ඇතුළු සම්පත් ලබාදීම සිදුකළේ.
කෙසේ වුවත් අවසාන වශයෙන් මෙහිදී මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය සඳහා මෙම පොලිස් සම්පත් භාවිතා කර තිබෙනවා.
කෙසේ වුවත් කිසිම අවස්ථාවක දී ශ්‍රී ලංකා පොලිසිය සහ සම්පත් යම් පොදු අවස්ථාවක් සඳහා හැර යම් තැනැත්තෙකුගේ පුද්ගලික අවශ්‍යතා මත ලබා දීමක් කිසිසේත්ම සිද්ධ කරන්නේ නෑ.
ඒ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධයෙන්වූ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට නියමිතයි. කෙසේ වුවත් මේ සිදුවීම සම්බන්ධයෙන් ද මේ සඳහා විමර්ශනයක් සිද්ධ වෙනව.
දැන් අපට සිද්ධ වෙන්නේ මේ ආකාරයේ කෙරෙන ඉල්ලීම්වලට අදාලව පොලිසිය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ යථාර්ථය බුද්ධික මනතුංග මාධ්‍ය ප්‍රකාශකවරයාට මතක් කර දෙන්නටය. මේ තියෙන්නේ එම චක්‍රලේඛය ය.

මේ චක්‍රලේඛය අනුව පුද්ගලයෙක් ගෙවීමේ සේවාව මත යම් පහසුකමක් ඉල්ලූ පමණනින් පොලිසිය එය ලබා දීම නීති විරෝධීය. එම සේවාව ලබා දිය යුත්තේ නිශ්චිත ඇගයීමක් කිරීමෙනි. පොලිසියේ සම්පත් ලබා දෙන්නේ ඒ ඇගයීමේ අනුවය විනා පුද්ගලයින් කරන ඉල්ලීම් අනුව නොවේ.
දැන් පොලිසියේ නිල ප්‍රකාශකවරයා ලෙස බුද්ධික මනතුංග මේ රටේ ජනතාව ලෙස අප අසන සරල ප්‍රශ්න කීපයකට පිළිතුරු දිය යුතුව ඇත.
- බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව තුළට එක්වර 43000ක් ඇතුළු කරගෙන උත්සව ශාලාවක් තුළ උත්සවයක් කළ හැකි ද?. එවැනි පහසුකමක් ඇත්තේ මොන ශාලවේ ද?. පොලිසියට එබඳු දැනුමක් තිබුණා ද?
- බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යටතේ පොලිස් කොට්ඨාසයක් පිහිටුවා ඇත. ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් පැය 24 පුරා දවස් 365ම ලැබේ. එවැනි අධි ආරක්ෂිත ස්ථානයකට පොලිස් යතුරු පැදි 04කින් පොලිස් මෝටර් රථයකින් සලසා දෙන්නේ කුමන පන්නයේ ආරක්ෂාවක් ද?.
- සම්මන්ත්‍රණ ශාලාවක් තුළ පවත්වන සම්මන්ත්‍රණයක් සඳහා පොලිස් යතුරුපැදි 04කින් සහ පොලිස් මෝටර් රථයකින් සැපයිය හැකි ආරක්ෂාවේ ස්වරූපය පැහැදිලි කළ හැකි ද?
- ප්‍රභූ පෙර ගමන් රථ ලෙස පොලිස් නිල රථ භාවිතා කරන බව එම නිල රථය පැදවූ පොලිස් නිලධාරියාට සහ යතුරුපැදි 4 ගමන් කළ පොලිස් නිලධාරීන් 8 දෙනාට දැනුනේ නැද්ද?. ඔවුන් තමන්ව අවභාවිතා වන තුරු නිහඬව සිටියේ ඇයි?. ඔවුන් මේ සිදුවීම තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරගනිමින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට නොදැන්වූයේ ඇයි?.
- බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවැත්වෙන දැවැන්තම මහජන උත්සවය ලෙස වාර්ෂිකව පැවැත්වෙන්නේ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනය ය. ඒ අවස්ථාවේ දී හෝ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා භූමිය තුළ ආරක්ෂාව තර කිරීමට පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ යොදාගෙන තිබේ ද?
- මෙවැනි පොලිස් නිල රථ ප්‍රමාණයක් පුද්ගලික අවශ්‍යතාවයක් මත අයදුම් කරද්දී ඊට අනුමැතිය ලබා දිය හැක්කේ පොලිස්පතිවරයාට සහ පොලිස් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පමණි. මේ නියෝගය නිකුත් කර ඇත්තේ මේ දෙදෙනාගෙන් කවුද?
අවසාන වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංගට කිව යුතු දෙයක් තිබේ. ඔය ජොබ් එක කරනවා නම් මෙවැනි අකරතැබ්බවලට මුහුණ දීමට සිදුවන්නේය. ලොක්කන්ගේ ගොංකම් නිල වශයෙන් හෝදන්නට ගොස් ඇදගෙන නාගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු අපේ ජීවිත කාලය තුළ අප කොතෙකුත් දැක තිබේ. ඒ බොහෝ දෙනා පොලිස් ජීවිතයේ කෙළවර දකමින් සිටි වියපත් ඇත්තන්ය. අනාගතයක් පෙනෙන තරුණ නිලධාරියෙක් ලෙස අපට බුද්ධික මනතුංග ගැනත් දැන් බයය.
කොලයක් බලාගෙන සිදුකරන ප්‍රකාශය සකස් කිරීමේ දී බබෙක් නොවී මීට වඩා ඒත්තු ගැන්වෙන සුළු ආකාරයට තර්කයක් මත පදනම්ව තමන් කියන දේ සකස් කරගෙන කතා කිරීම වැදගත් බව ජනතාවගේ හැඟීමය. ඒ වගේම පොලිසියේ ඉන්නේ බබ්බු නොවන බවත් බුද්ධික මනතුංග බබෙක් නොවන බවත් ජනතාව ලෙස අපට තේරුම්ගත හැකි වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම පමණක් දැනට සෑහෙන්නේය.







