කීර්ති ප්‍රනාන්දු –
වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 1282ක් ලබන වසරේ ජනවාරි පළමු වන දා සිට විශ්‍රාම යාමට නියමිතව සිටින බවට පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ.
මෙසේ පොලිස් නිලධාරීන් 1282ක් විශ්‍රාම යන්නේ මේ වසරට අදාලව බවත් එසේ විශ්‍රාම යන පොලිස් නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුද, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුද , ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 17 දෙනෙකුද , සහකාර පොලිස් අධිකාරීවරුන් 21 දෙනෙකුද , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 35දෙනෙකුද , සිටින බව පොලිස් මූලස්ථානය කියයි.







