පොලිස්පති ඩී.සී වික්‍රමරත්න සඳහා මාර්තු 26 දා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් සමන් දිසානායකගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පසුගිය මාර්තු මස 25 දා විශ්‍රාම ගැනිමට නියමිතව සිටි පොලිස්පතිවරයා සදහා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් තීරණයකට මින් පෙර එළඹී තිබිණි.







