ජගත් විතාන මන්ත්‍රීවරයා සම්බන්ධ අනීතික ක්‍රියාවක් හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවක් සිදුවී ඇත්නම් එය සම්බන්ධව ඍජු ප්‍රකාශයක් නොකර වක්‍රෝත්තියෙන් සිදුකරන ප්‍රකාශ හෙළා දකිමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයා මේ ප්‍රකාශයෙන් සිදුකර ඇත්තේ පැමිණිලිකරු චූදිතයා කර වින්දිතයා අපරාධකරුවෙක් කිරීම බව එම නිවේදනයෙන් සමගි ජන බලවේගය කියයි.
මේ පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්රචාරක සැලැස්මකට අනුගතව කරනු ලබන ප්‍රකාශ යළි ප්‍රශ්න කරන්නේ ස්වාධීන පොලිිසියක පැවැත්ම බවත් තමන් වෙත පවරා ගත් පොලිස් කොමිසමේ බලතලත්සහිතවරට අඳුරු පොලිස් රාජ්‍යයක් වෙත ගෙන යන අවස්ථාවක් පෙනෙමින් ඇති බවත් රටම මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත් දක්වමින් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ.







