අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ධූරයට පොරකන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් අමතා තමන් විශ්‍රාම යන දවසට කරන කතාව පොලිස්පතිවරයා කලින් කරයි…

පොලිස්පතිට සේවා දිගුවක් ලැබේදැයි දැනගන්න SDIG කෙනෙක් පොලිස්පතිගේ කේන්දර කොපියක් අරන් ශාස්තරකරුවෙක් හමුවෙන්න ගිහින්!

by editor
දෙසැම්බර් 30, 2022
in පුවත්
DC-Wicramarathna
Share on FacebookShare on Twitter

පොලිස්පතිවරයාට පොලිස්පති ධූරයේ දිගුවක් ලැබේදැයි දැනගැනීම සඳහා ඔහුගේ කේන්දර කොපියක් රැගෙන සාස්තරකරුවන් හමුවීමට ගිය “වෙන්ට පොලිස්පති“ කෙනෙක් ඉලක්ක කරගෙන වත්මන් පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න අද (30) අපූරු කතාවක් කළේය.

තව මාස තුනකින් තමන් විශ්‍රාම යන බවත්, විශ්‍රාම යන දිනයට කතාවක් පැවැත්වීමේ අදහසක් නැති බැවින් මේ කරන්නේ විශ්‍රාම යන දවසට කරනු ලබන කතාව බව කියමින් ඔහු මේ කතාව පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු.එෆ්.යූ ප්‍රනාන්දු, සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙක් විශ්‍රාම ගැනීම වෙනුවෙන් අද (30) පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයට එක් වෙමිනි.

උත්සවයේ අවස්ථාවක්…

මෙහිදී පොලිස්පතිවරයා කීවේ පොලිස්පති ධූරය යනු ඉතාම ගෞරවණීය ධූරයක් බවය. එය දේශපාලනයෙන් හෝ වෙනත් ආකාරයකින් බලහත්කාරයෙන් අත්පත් කරගත හැකි ධුරයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

පොලිස්පති ධූරයට නිලධාරියෙක් පත්වන නිශ්චිත ක්‍රමවේදයක් සහ පිළිගත් ගෞරවණීය සම්ප්‍රදායක් ඇති බව ඔහු සිහි කළේය. එසේ තිබියදී පොලිස්පති ධූරය සඳහා දැඩි අභිලාෂයකින් පසුවන එක්තරා ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වත්මන් පොලිස්පතිවරයාවන තමන්ට පොලිස්පති ධූරයේ දිගුවක් ලැබෙනවාද යන්න දැනගැනීමට තමන්ගේ කේන්දර කොපියක් සොයාගෙන රැගෙන ශාස්තර කරුවන් සොයා ගිය ආකාරය හෙළි වුන බව කීවේය.

මේ ලජ්ජාසහගත හැසිරිම පොලිස් දෙපාර්තමේන්තුවටම අහිතකර ලෙස බලපාන බව කී පොලිස්පතිවරයා සිල්ගෙන සිටින්නාක් සේ බොහෝ උපේක්ෂාවෙන් සියලු දේ බලා සිටින තමන්ගේ සැඟවී සිටින යක්ෂයා අවදි නොකරන ලෙස ඉල්ලා සිටියේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ධර්මානුකූලව සිදුකළ පොලිස්පතිවරයාගේ කතාව එක් අයෙක් දෙදෙනෙක් හැරුණු විට පොලිස් ප්‍රධානීන් සියල්ලගේම ප්‍රසාදයට ලක්වුන බව වාර්තා විය.

අනතුරුව පොලිසියේ පරිපාලනය භාරව සිටි විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පොලිසිය කෙලසන ඉහළම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ මුහුණටම ඍජු විවේචනයක් එල්ල කළ බව පැවසිනි.

පොලිස්පතිවරයා ශීලයෙන් මිදෙන තුරු අපේක්ෂා සහගතව බලාසිටින බව පොලිස් ප්‍රධානීන් පොලිස්පතිවරයාට දන්වා තිබුණු බව ද වාර්තා විය.

Share69Tweet43
Previous Post

පොලිසිය සඟවන , සඳගල උස්සපු හොරු සංස්කෘතික අමාත්‍යාංශය දැනගෙන… හොර නඩය මෙන්න…

Next Post

තැන්පතුකරුවන්ගේ සල්ලී ආපසු දෙන කැන්රීච් ඊළඟට කරන්න යන දේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.