“ඒකාබද්ධ විමර්ශන මූලස්ථානය අද [ජනවාරි 15] කොරියාවේ වෙලාවෙන් පෙ.ව. 10:33 ට [GMT 01:30] ජනාධිපති යූන් සුක්-යොල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කළේය,”
කොරියානු බලධාරීන් අද (15) ඒ ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ මුලු ලෝකයේම අවධානය දකුණු කොරියාව වෙත යොමු කරගනිමිනි.
දකුණු කොරියානු විමර්ශකයින් විසින් දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක්-යොල් අත්අඩංගුවට ගන්නේ යුද නීතිය පනවා රට තුළ කැරැල්ලක් ඇති කිරීමේ චෝදනා මත ය. 2024 දෙසැම්බර් 3 වන දින රාත්‍රියේ දකුණු කොරියානු ජනාධිපතිවරයා ජාතිය අමතා අනපේක්ෂිත ලෙස යුද නීතිය පැනවීමෙන් පසු, දකුණු කොරියාවේ ජාතික සභාව දෙසැම්බර් 14 වන දින ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් රැගෙන විත් ඉන් ජනාධිපතිවරයා පරාජය කළේය. ඉන් පසුව නඩු විභාගයක් ආරම්භ වූයේය.
ඊයේ (14 අඟහරුවාදා) ඔහුගේ දෝෂාභියෝග විභාගය ආරම්භයේදී යූන් පැමිණ නොසිටි අතර දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඔහුට පෙනී සිටීම අවශ්‍ය බව දන්වා තිබිණි.
අඟහරුවාදා උදෑසන ඔහුගේ දෝෂාභියෝග නඩු විභාගයට පෙනී සිටීමට ද ඔහු අපොහොසත් වූ අතර, නඩු විභාග ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු එය කල් දැම්මේය.
දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපතිවරයාගේ නීතිඥයින් පවසා තිබුණේ ඔහු දෝෂාභියෝග විභාගයට සහභාගී නොවන බවත්, බලධාරීන් ඔහුව රඳවා තබා ගැනීමට දරන අඛණ්ඩ උත්සාහයන් හේතුවෙන් ඔහුගේ ස්ථාවරය නිදහසේ ප්‍රකාශ කිරීමෙන් වලක්වනු ඇති බවත්ය.
ජනාධිපති යූන් සුක්-යොල් අත් අඩංගුවට ගැනීමේ දැඩි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඔහු දෝෂාභියෝග නඩු විභාගයට පෙනී නොසිටීමත් ඒ හේතුවෙන් එම නඩු විභාගය පවත්වා ගත නොහැකිවීමත් හේතුවෙනි. එය කිසිසේත්ම පහසු උත්සාහයක් වුනේ නැත.
අද මෙහෙයුම යූන් අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින් ගත් දෙවන උත්සාහයයි. ජනවාරි මස මුලදී ජනාධිපති පරිශ්‍රය තුළ ඔහුගේ ආරක්ෂක කණ්ඩායම සමඟ පැය ගණනක් පැවති ගැටුමකින් පසුව මීට පෙර ඔහුව අත් අඩංගුවට ගැනීමේ අසාර්ථක උත්සාහයක් අවසන් විය.
එතැන් සිට, අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා යූන් සති ගණනාවක් සෝල් හි ඔහුගේ කඳුකර විලාව තුළ රැඳී සිටියේය. පොලිසිය විශාල මෙහෙයුමක් කර ඔහුව අත් අඩංගුවට ගන්නේ මේ කඳුකර බංගලාවේ රැඳී සිටියදී ය.
පොලිසියේ 1000ක් සම්බන්ධ වුන අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම
වාර්තාවලට අනුව පොලිස් නිලධාරීන් 1000ක් ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක් වී තිබිණි. දකුණු කොරියානු විමර්ශකයින් සහ පොලිසිය යූන්ගේ නේවාසික පරිශ්‍රයට නැගීමට ගත් උත්සාහයන් ජනාධිපති ආරක්ෂක අංශ විසින් ව්‍යාර්ථ කරන ගැටුමකට අවතීර්ණ වී සිටියේය. විමර්ශකයින් ජනාධිපතිවරයා සිටින නිවසට ඇතුළුවීමට ඉණිමඟ භාවිතා කර තිබිණි, එහෙත් ජනාධිපති ආරක්ෂක නිලධාරීන් වාහන භාවිතයෙන් ඇතුල්වීම අවහිර කළ බව විදෙස් වාර්තා සඳහන් කළේය
මේ අවස්ථාවේ දී ආධාරකරුවන් ඇතුළු දහස් ගණනක් ජනයා යූන්ගේ නිවසින් පිටත රැස්ව සිට ඇත. පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ නීති සම්පාදකයින් පිරිසක් සහ යූන්ගේ නීතිඥයින් ද නේවාසික පරිශ්‍රය තුළ දී ඔහුව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට උත්සාහ කළ බව වාර්තාවල සඳහන් විය.

කෙසේ වුවත් අවසානයේ දී ජනපති අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථක වූයේය. අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනාධිපති රථ පෙළ පොලිස් ආරක්ෂාව සහිතව ඔහුගේ කඳුකර නිවසින් පිටව යන අයුරු දක්නට ලැබුණි. පසුව යූන් රැගත් වාහනයක් අසල ග්වාචියොන් නගරයේ ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වන දූෂණ විමර්ශන කාර්යාලයට පැමිණියේය. යූන් දැන් ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන බව අල් ජසීරා කියයි.
අත් අඩංගුවට පත් කොරියානු ජනපති කී කතාව
අත්අඩංගුවට ගැනීමෙන් පසු නිකුත් කරන ලද පූර්ව පටිගත කරන ලද වීඩියෝ පණිවිඩයකින් ජනාධිපති යූන් මෙසේ පැවසුවේ
” “ලේ වැගිරීම” වළක්වා ගැනීම සඳහා මගේ අසාර්ථක යුද නීති උත්සාහය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට යටත් වීමට මා තීරණය කළා. ඒ අනුව මා දූෂණ විමර්ශන කාර්යාලයට ප්‍රතිචාර දැක්වීමට තීරණය කළා” යුන් කීවේය.
විමර්ශනයේ නීත්‍යානුකූලභාවය ඔහු පිළි නොගත් නමුත් “ඕනෑම අවාසනාවන්ත ලේ වැගිරීමක් වැළැක්වීම සඳහා” ඊට අනුකූල වන බව පැවසීය.
“දූෂණ විමර්ශන කාර්යාලයට ඔහුව උපරිම වශයෙන් පැය 48 ක් රඳවා තබා ගත හැකියි… ඊට පස්සේ ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා රඳවා තබා ගැනීම සඳහා වරෙන්තුවක් ඉල්ලා සිටිනවාද නැද්ද යන්න තීරණය කළ යුතුයි. එය අවශ්‍ය වේද නැද්ද යන්න පැහැදිලි නැහැ, නමුත් ඇත්ත වශයෙන්ම, ඉදිරි තීරණයට පැමිණීම ඉතා අපහසු තිබෙනවා,” අල්ජසීරා සෝල් නුවර වාර්තාකරු පවසා ඇත .







