ශ්‍රියානි විජේසිංහ
ශ්‍රී ලංකාවේ පළමු වරට පොල් වගාවේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) යොදා ගැනීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) කටයුතු කර ඇත.
මෙම නව වැඩසටහන දඹදෙණිය ආඩිගම ගොවිපලේ දී ආරම්භ කර තිබේ.
ඩ්‍රෝන තාක්ෂණය සහ කෘතිම බුද්ධිය එකට යොදා ගනිමින් පොල් වතු පරීක්ෂා කිරීම, ගස්වල නීරෝගීභාවය හඳුනා ගැනීම, පොහොර යෙදිය යුතු ආකාරය තීරණය කිරීම හා අවශ්‍ය ප්‍රතිකාර සැලසීම මේ මගින් සිදු කිරීමට නියමිත බව එම අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේය.
මෙම වැඩසටහනට සමගාමීව NLDB විසින් පොල් ගස් 4,80,000 කට පොහොර යෙදීමේ වැඩසටහනක් සහ පොල් පැල 50 000ක් සිටුවීමේ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කළ බවත් මෙය ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය නව තාක්ෂණික යුගයකට ගෙන යාමට හැකි වනු ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා කීය.







