දිනසේන රතුගමගේ –
දැවැන්ත වන අලියෙකු මුලතිව් ඔට්ටිසුඩාන් ප්‍රදේශයේදී මහා මාර්ගය මැදට පැන ඊයේ (30 රාත්‍රී වාහන පසුපස පැන්නීම නිසා බොහෝ වාහන හිමිකරුවන් සිය වාහන මහමග දමා පැන ගොස් තිබේ.
මීට පෙරද මෙම වන අලියාම මෙසේ වාහන හා ජනතාව පසුපස එලවා ඇතැයි ඔට්ටිසුඩාන් ප්‍රදේශයේ වැසියෝ කියා සිටියහ.
පාරේ ගමන් කළ මිනිසුන් එක්ව මහා හඩින් කෑකෝ ගසා වන අලියාව මාර්ගයෙන් පන්නා දැමීමට පැය දෙකක පමණ කාලයක් ගත වී තිබේ.
මේ හේතුව නිසා මුලතිව් ඔට්ටිසුඩාන් මාර්ගයේ වාහන ගමනා ගමනය මුලුමනින්ම ඇනහිට ඇත. මෙවැනි තත්ත්වයක් යළි යළි ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන මෙන් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.







