පොල් හිඟයට පිළියමක් ලෙස පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. මේ වනවිට දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙම පොල් ආනයනයට රජය තීරණය කර ඇති බව පොල් වගකීරීමේ මණ්ඩලයේ සභපති වෛද්‍ය සුනිමල් ජයකොඩි අද මාධ්‍යයට හෙළිදරවු කළේය.
මුල් අවස්ථාවේ දී රජය ප්‍රකාශ කළේ කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද ප්‍රමාණයක් ආනයනයට තීන්දු කර ඇති බවය. එහෙත් මේ වනවිට එය ගෘහස්ථ පරිභෝජනයට පොල් ආනයනය කිරීම දක්වා වෙනස් වී තිබේ.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසුවේ පොල් ගෙඩි මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් පොල් මද ලෙස ආනයනය කිරීමට තීරණය කර ඇති බවය.
” පොල් මද ගෙන්වීමේ දී ඒවයේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් නිර්දේශ නිකුත් කරලා තියනවා. ඒ නිර්දේශවලට අනුව තමයි යම් යම් තීන්දු තීරණ ගන්නේ. විශේෂයෙන්ම පොල් පර්යේෂණ ආයතනය සහ ජාතික ශාක නිරෝධායන සේවයේ නිර්දේශ සලකා බලලා තමයි මෙම ආනයනය කිරීමක් කරන්නේ.
“ඒ පොල් ආවට පස්සේ ගෙන්වන ලද පොල් පිළිබඳ පරීයේෂණ කරලා ඒවා රට තුළ භාවිතයට සුදුසුනම් පමණයි අනුමත කරන්නේ. පොල් මද මිලියන 200 ගෙන්වන්නේ අධි ශීත කළ කැබලි හැටියට. එහෙම පොල් ගෙන්වනකොට මේ රටේ පොල් වගාවට හානි කරන කෘමි උවදුරු අතිවීම වැළැක්වීම තමයි මේ නිර්දේශවල අරමුණ.” සභාපතිවරයා පැවසුවේය.







