වත්මන් ජනපතිට සහාය පල කිරීම සඳහා පොහොට්ටුවෙන් ගැලවී පැමිණි පිරිස් වලින් යෝජනා කළ සන්ධානය ලබන සතියේ ගොඩනගන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරිකයින් රැසක් එක්වී ඊයේ (12) ගලිගමුවේ දී පැවත්වූ රැස්වීමකට එක් වෙමිනි.
ජනාධිපතිවරයාට සහාය දීමට සැරසුන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ 91 දෙනෙක් කණ්ඩායමක් ලෙස මුලින්ම එක් වී සිටි බවත් මේ වනවිට මන්ත්‍රිවරුන් 67 දෙනෙක් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දක්වන්නට ඉතිරි වී ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා කීවේය.
“අපි ජනාධිපති තුමා ඇතුළු අනෙක් පක්ෂත් සමග සම්බන්ධ වෙලා වෙනම සන්ධානයක් ගොඩනගනවා මේ මැතිවරණයට. බොහෝ විට මේ සතියෙ නැතිනම් ලබන සතියෙදි එම සන්ධානය ගොඩ නගනවා. ” කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.







