අද උදේ වරුවේ මහනුවර අනිවත්ත ප්රදේශයේ සිට ටෙන්ඩර් පත්රිකාවක් ගැනීම සඳහා පේරාදෙනිය කෘෂිකර්ම පීඨයට පැමිණි පුද්ගලයෙක් ටෙන්ඩර් පත්රිකාව ගෙන ආපසු හැරෙන විට ඇද වැටී ක්ෂණිකව මිය ගොස් ඇතැයි වාර්තා වේ.
ගිලන් රථයක් කඳවා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරන විට පුද්ගලයා මියගොස් සිට බව රෝහල් ආරංචි මාර්ග කියයි
සැක සහිත හදිසි මරණයට ලක් වූ මේ තැනැත්තාගේ දේහය පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කර තිබේ.