කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළක් යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.
ලබන මස සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ඇය කියයි.
“අපි වැඩපිළිවෙලක් විදියට අලුතින්ම පටන් ගත්තා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් පෙර පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කරන්න. ඒ සඳහා සියල්ල සූදානම් කරමින් ලබන මාසේ වෙනකොට බෙදන්න ගන්නවා. ඊට අමතරව දරුවන්ට බිත්තරයක් වගේ පෝෂදායි ආහාර වේලකට අවශ්‍ය දේවල් අඩු මුදලකට ලබා දෙන්න කටයුතු කරනවා.” ඇය කීවාය.