අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙම් සුව විඳි සරසවි යුවළගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අයකු රිමාන්ඩ්

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත්

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවකු සහ සිසුවියක් මාතර වෙරළ උද්‍යානයට ආසන්නයේ පාලු ස්ථානයක පෙම්සුව විඳිමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ඔවුන් රහසිගත ලෙස ජංගම දුරකථනයකින් වීඩියෝ කර පසුව මෙම දෙදෙනාට පෙන්වා බියගන්වා තිබේ.

බියට පත් මෙම විශ්ව විද්‍යාල සිසු යුවළ ඉදිරියට පැමිණි මෙම වීඩියෝ කළ පුද්ගලයා වීඩියෝව කිසිවෙකුට නොපෙන්වීමට නම් මුදල් දෙන්නැයි ඉල්ලා තිබේ.

එහෙත් ඔහු මුදල් නොගෙන එම ස්ථානයෙන් ගොස් ඇති අතර පසුව මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට ජංගම දුරකතනයෙන් අමතා මෙම වීඩියෝව කිසිවෙකුට නොපෙන්වීමට නම් තමා සමඟ ලිංගිකව එක්වන ලෙස පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව දිගින් දිගටම මෙම පුද්ගලයා විසින් මෙම ශිෂ්‍යාවට බලකිරීම නිසා මෙම යුවළ මේ බව මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ශිෂ්‍යාව ද යොදාගෙන සැලසුම් කර ඇත.

පසුව මෙය වීඩියෝ කළ තරුණයා විසින් නැවත වරක් මෙම තරුණියට තමා සමඟ එක්වන ලෙස බල කිරීමත් සමග පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් පරිදි ඇය කිසියම් ස්ථානයකට එන ලෙස මෙම පුද්ගලයාට පවසා තිබේ.

නමුත් එම පුද්ගලයා මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට අවස්ථා දෙකකදී ස්ථාන තුනකට එන ලෙස පැවසුවද පසුව ඔහු පවසා ඇත්තේ මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ වෙරළ අසල වැටකෙයියා පඳුරක් අසලට එන ලෙසයි.

ඒ අනුව කටයුතු කළ තරුණිය එම ස්ථානයට පැමිණි පසු ඇය රැගෙන යාමට සැකකරු උත්සාහ කරන අවස්ථාවේදී රහසිගතව සැඟ වී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර රසාන්දෙනිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා නාව්ක හමුදාවෙන් නෙරපා හැර සිටී චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යාව බුත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ශිෂ්‍යයා මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස නියෝග කළේය.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි චන්දන හේරත් සහ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේතුංග උප පොලිස් පරීක්ෂක ජයලත් උප පොලිස් පරීක්ෂක එම් බී එස් ජයන්ත පොලිස් පරීක්ෂක අනිල් පොලිස් සැරයන් 55952 හේමන්ත පොලිස් සැරයන් 37535 ඉන්දික පොලිස් කොස්තාපල් 93683 රත්නායක යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

Next Post

ස්විස් චීස් රස කියන්න අවුරුදු 300ක් තිස්සේ පැවැත්වෙන මහා චීස් වෙළෙඳපල

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.