බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ස්විස් චීස් රස කියන්න අවුරුදු 300ක් තිස්සේ පැවැත්වෙන මහා චීස් වෙළෙඳපල

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර

(ඡායාරූප – ශෂී සුබ්‍රමනියම්)

ගවයින්  හා චීස් නිෂ්පාදනය ස්විට්සර්ලන්ත සාම්ප්‍රදායික සිරිත් විරිත් කෙරෙහි කල්පවත්නා බලපෑමක් ඇති කොට තිබේ. මෙම සාම්ප්‍රදායික උත්සව බහුතරයක් ආරම්භවන්නේ වසරේ සැප්තැම්බර් මාසයේදීය. ගවයින් හා එළදෙනුන් සමග ඇල්ප්ස් කඳු මත මාස කිහිපයක් ගතකොට ඇල්ප්ස් ගොවීන් පහළට පැමිනෙන්නේ සැප්තැම්බර් මාසයේදී වීම ඊට හේතුවයි. ඒ අනුව සැප්තැම්බර් මාසය ඇල්ප්ස් ගොවීන්ගේ මාසය ලෙස හැදින්විය හැකිය.

ගවයින් හා චීස් නිෂ්පාදනයට අදාළව සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන උත්සව අතර ගව පෙරහැර, ගව උත්සව, ගව ප්‍රදර්ශනය හා චීස් වෙළෙඳ පොළවල් විශේෂ තැනක් ගනී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද අප කතා කරන්නේ ස්විට්සර්ලන්තයේ විශාලතම චීස් පොල පිළිබඳවයි.
ස්විට්සර්ලන්තයේ අගනුවර වන බර්න් හි ජුස්ට්ස්තාල් කදු වලල්ල ස්විට්සර්ලන්තයේ පමණක් නොව ජාත්‍යන්තරව ප්‍රසිද්ධියක් උසුලන්නේ චීස් නිෂ්පාදනය නිසා නොව චීස් වෙළෙඳ පොළ නිසාය. සැප්තැම්බර් මස අගදී පැවැත්වෙන මෙම චීස් පොළ හැදින්වෙන්නේ කේඑස්ටයිලෙට් (Chasteilet) ලෙසය.

මෙම චීස් පොල කෙරෙහි දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි අවධානය යොමු වීම නොවැලැක්විය හැකි කරුණක් වන්නේ එය මීට වසර තුන්සියයකට පමණ පෙර සිට පැවැත එන්නක් වන බැවිනි .ජූස්ටිස්තාල් කදු නිම්නයේ කිරි ගොවීන්ට අයත් එළදෙනුන් 250ක ගෙන් පමණ දොවාගත් කිරි වලින් නිෂ්පාදනය කළ චීස් අස්වැන්න ප්‍රදර්ශනය කරන්නේ මෙහිදීය.

මෙම චීස් පොල පැවැත්වෙන දිනය ජූස්ටිස්තාල් කිරි ගොවීන් ඉතා ඉහළින් සමරන්නේ එබැවිනි. සම්ප්‍රදායික ස්විස් ඇඳුමින් සැරසුණු කිරි ගොවීන් හා ගෙවිලියන් තමන්ට හිමි චීස් ගබඩා කරන කුට් වලින් චීස් කුට්ටි පිටතට ගෙන ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරේ .චීස් පොළෙහි සුවිශේෂිතම හා ආකර්ෂණීයම අංගය වන්නේ එයයි .කිලෝ ග්‍රෑම් දහයකට ආසන්න බරැති චීස් කුට්ටි පන්සලේ මල් වට්ටි අතින් අත යවන ආකාරය සිහිගන්වමින් කිරි ගොවීන් අතින් අත යවමින් එළිමහනේ ප්‍රදර්ශන කිරීම දකින ඕනෑම කෙනෙකුට චීස් කෑමට පමණක් නොව එහි බර බැලීමට පවා ආශාවක් ඇතිකරවයි.

මෙලෙස ප්‍රදර්ශනයේ තැබෙන චීස් ප්‍රමාණය ටොන් තුන්දාහකට අධිකය .
මෙම සාම්ප්‍රදායික චීස් පොල ස්විට්සර්ලන්තයේ ජනමාධ්‍ය වල ද දැඩි අවධානයට ලක්වන මාතෘකාවකි .වසරෙන් වසර කිසියම් ක්ෂේත්‍රයකට සම්බන්ධ ආරාධිත අමුත්තෙකු මෙම උත්සවය අලංකාරවත් කරන අතර සම්ප්‍රදායික ස්විස් සංගීතයෙන් හා නැටුම් වලින් ඊට එක් කරන්නේ තවත් ආකර්ෂණයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට පමණක් නොව ඒ ඒ රටවල සාම්ප්‍රදායික උත්සව වලට ද අහිතකර බලපෑම් එල්ල වී තිබේ .මේ වසරේදී ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ මහජනතාව ගැවසෙන බොහෝ සාම්ප්‍රදායික උත්සව අවලංගු කිරීමට බලධාරීන් තීරණය කොට ඇති අතර ජූස්ටිස්තාල් ඇල්ප්ස් චීස් පොල ද ඒඅනුව මේ වසරේ දී නොපැවත්වේ.


පසුගිය වසරේ ස්විස් චීස් සදහා ජාත්‍යන්තරව හොඳ ඉල්ලුමක් පැවැතිණි. සමස්තයක් ලෙස චීස් ටොන් 75,000 කට අධික ප්‍රමාණයක් අපනයනය කෙරුණු අතර එය මීට පෙර වසරට වඩා සියයට 4.5 වැඩිවීමකි.

ස්විස්ටලන්තයේ චීස්වලට යුරෝපා රටවලින් වැඩි ඉල්ලුමක් පවතින අතර ජර්මනිය ,ප්‍රංශය හා ඉතාලිය එහි විශාලතම වෙළඳපොලයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙම් සුව විඳි සරසවි යුවළගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අයකු රිමාන්ඩ්

Next Post

මාතර බන්ධනාගාරය ඇතුළෙන් ඉහළ අහසට වෙඩි වැලක්

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.