බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරා දශක හතක් ළමා ලෝකය සැරසූ ආදරණීය ආත්තම්මා නික්ම ගියාය.

by editor
ජූලි 1, 2020
in පුවත්
sibil-weththasinghe

සිබිල් වෙත්තසිංහ

Share on FacebookShare on Twitter

අපේ ළමා කාලය රමණීය එකක් කළ ආදරණීය ආත්තම්මා ඊයේ (30) අප අතරින් වෙන්වූවාය.  සිබිල් වෙත්තසිංහ නැමති යුගයක් නිර්මාණය කළ ඒ සුන්දර මාතාව පුරා දින හතරක් තිස්සේ  සිටියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමිනි. ඊයේ වනවිට ඇය අනූ තුන් වන විය පසුකරමින් සිටියාය.

ඇය අප කාගෙත් සිබිල් නැන්දාය. සිබිල් නැන්දා මැවූ සිතුවම් නිර්මාණශීලී, මනුෂ්‍යත්වයෙන් පිරිණු, පරිකල්පනයෙන් ඉහළ සංවේදී ළමා පරපුරක් ගොඩනැගුවේය. ඒ ආකාරයෙන් බලන විට ඇය චිත්‍ර ශිල්පියෙකුට එපිට ගිය මුණිවර භූමිකාවක් මේ සමාජය තුළ රූපණය කර තිබුණු බව වැටහෙන්නේ ඇයගේ ජීවිත කාලය තුළ ඇය මේ රටට කළ නොගිනිය හැකි මෙහෙවරෙහි ප්‍රමාණය නිසාය.

ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාලගේ “නවමඟ” පස්‌ වන ප්‍රමාණයේ කියවීම් පොතට සිබිල් වයස අවුරුදු පහළොවේදී චිත්‍ර ඉදිරිපත් කළාය. වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිසියාය. එදා සිට මිය යන මොහොත තෙක්  පුරා වසර හැත්තෑ හතරක කාලයක්‌ ළමයින් උදෙසා චිත්‍ර කතා නිර්මාණය කළාය.

ලංකාවේ ළමා කතාවේ පරිවර්තනීය වෙනස කරමින් ඇය  1956 එළි ඇක්වූ  “කුඩ හොරා” ය. එම කෘතිය කතාවත්, චිත්‍රත් එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළේය. එතැන් පටන් ඈ විසින් නිර්මාණය කරන ලද ළමා හා යොවුන් කෘති වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් බොහෝ සම්මාන හිමි විය. 1965 දී ඇයගේ  “වෙසක්‌ පහන” කෘතියට මහා බ්‍රිතාන්‍යයේ  ඉසොබෙල් හටිං සම්මානය හිමිවීය.  1986 වසරේදී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් “කුඩ හොරා” පොත සම්මානයට භාජනය විය.  එම කෘතිය චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය, ඇතුළු රටවල් 12ක ප්‍රකාශයට පත් වූයේය.    ටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මගින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගත්තේය.   හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ “දුවන රැවුළ” පොතට හිමි විය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය.

ලෝක සම්භාවනාවට පාත්‍ර වූ, යුග ගණනාවක දරුවන්ගේ ආදරණීය මිත්තනිය අවසන් අවධියේ දී  ගිනස් වාර්තා පොතට ද එක් වූවාය. ඇය එසේ වාර්තාගත වන්නේ  දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කරමින්ය. මෙහි මූලික අරමුණ වී තිබුණේ දරුවන්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාවක් ලබාදීමයි. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ සිබිල් වෙත්තසිංහ  විසින් රචිත කතාවල අවසානය දරුවන් විසින් සම්පූර්ණ කිරීමට යොමු කිරීමය. ලෝකයේ දීර්ඝම අවසානය සහිත ළමා කෘතිය වූයේ එම කෘතියය.

මේ රටේ ළමා සාහිත්‍යය ලෝකයට රැගෙන ගිය මේ මුණිවර ශිල්පිනිය, දශක හතක් තිස්සේ ළමා පරපුර වෙනුවෙන් ජීවත්වුණු දයාබර මාතාව, අපේ ආදරණීය ආත්තම්මා පිළිබඳ මේ අවසන් සටහන තැබීමම වේදනාවකි. ඇය වැනි යුග නිර්මාපකයින් නැවතත් මේ රට තුළ බිහි වෙතැයි අප තුළ විශ්වාසයක් නූපදින බැවිනි.

ආදරණිය අත්තම්මේ… නිර්වාණයෙන් සැනසෙන්නට ඔබ කළ කුසලය ප්‍රමාණවත්ය.

 

 

Tags: නවතම
Share1194Tweet43
Previous Post

කොවිඩ් නැති ශ්‍රි ලංකාව යුරෝපා ගමන් අවසර ලයිස්තුවේ නැත්තේ ඇයි?

Next Post

හෙට මඩු පූජාවට තුන්සීයයි… සහභාගී වීම මන්නාරමේ බැතිමතුන්ට පමණයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.