දිනසේන රතුගමගේ –
මන්නාරම මරුද මඩු දේවස්ථානයේ ජුලි මස 2 දා පැවැත්වෙන පූජාව සඳහා සහභාගිවන බැතිමතුන් සංඛ්‍යාව සීමා කිරීමට සෞඛ්‍යය හා ආරක්ෂක බලධාරීන් තීරණය කොට තිබේ.
ඒ අනුව ජුලි මස 2 දා පූජාවට මන්නාරම් පළාතේ බැතිමතුන් හැර වෙනත් පළාත්වල බැතිමතින්ට සහභාගී නොවන ලෙස දැනටමත් දැණුම් දී තිබේ.
මේ තීරණය නිසා මඩු පූජාව සදහා සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව 300 ක් දක්වා අඩු කරගැනීමට හැකි වෙතැයි මන්නාරමේ බලධාරීන් විශ්වාසය පල කරයි.
මන්නාරම මරුද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන්නේ අගෝස්තු මස 14 හා 15 යන දිනවලදී බැවින් ඒ කාලය වන විට කොරෝනා රෝගය සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සහභාගී වන බැති මතුන් සංඛ්‍යාව පිළිබඳව තීරණයකට පැමිණෙන බව මන්නාරම දිසාපති එම්.මෝහනදාස් පැවසීය.
කෙසේ වෙතත් ඒ කාලය වන විට බැතිමතුන් සංඛ්‍යාව සීමා කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවට විශ්වාසයක් ඇතැයිද දිසාපතිවරයා සදහන් කළේය.