දිනසේන රතුගමගේ –
එල්ටීටීඊ සංවිධානය හා එක්ව යුද්ධයට සම්බන්ධ වී පුනරුත්ථාපනය වූ තරුණයින් පිරිසක් විසින් මීට දෙවසරකට පමණ පෙර පිහිටවන ලද ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ඊයේ (18) එම පක්ෂයේ සංවත්සරය යාපනයේදී පැවති අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති අතර සංවත්සරය සඳහා සෙසු දෙමළ දේශපාලන පක්ෂවල නායකයින්ද සහභාගී වී සිටියේය.
දෙමළ ජාතික සන්ධානය හරහා මෙම තරුණයින්ට දේශපාලන කටයුතු වල නිරත වීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහි නායකයින් ඔවුන්ව තම පක්ෂය හරහා දේශපාලනයට එක් කර ගැනීමට කැමති වූයේ නැත.
මෙම ප්‍රතික්ෂේප වීම නිසා තමන් නව පක්ෂයක් බිහි කළ බවත් එම පක්ෂයේ සාමාජිකයින් ඉදිරියේදි පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ නායක එස්.තුලසියන් යාපනයේදී පැවසීය.