බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුනරුත්ථාපි එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ජීවිත කළමනාකරණය කරන්න නව කාර්යාලයක්…

by editor
ජූලි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.  සාමාජිකයින්ගේ සුබ  සාධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නව කාර්යාලයක්  9 දා  වවුනියාවේදී පිහිටවනු ලැබීය.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්  විසින් එම කාර්යාලය විවෘත කරණු ලැබීය.

යුද්ධයට සම්බන්ධ වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් 12000 ක් පමණ රජයේ පුනරුත්ථාපන වැඩ සටහනට ඇතුළත් කොට  ඔවුන්ව පුනරුත්ථාපනය කරනු ලැබුවත් ඔවුන්ගේ ජීවිකාව ගෙන යාම සඳහා ස්ථිර වැඩ පිළිවෙලක් සකස් නොවීම නිසා ඔවුන් සමාජයට නිරාවරණය වී ඇත්තේ රැකියා විරහිත පිරිසක් වශයෙන් බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

අවි පුහුණුවක් ලත් පිරිසක් එසේ සමාජයට නිරාවරණය වීම අයහපත් ප්‍රතිපල ගෙන දෙන කාරණයක් බැවින් මේ පිරිසට වහාම රැකියා අවස්ථා ලබා දීමට විවිධ පුද්ගලයින්ගෙන් සහය ලබා ගැනීම සඳහා මෙම කාර්යාලය පිහිටුවා තිබේ.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපන කදවුරේදී පෙදරේරු, වඩු, රූපලාවණ්‍ය වැනි එක් විෂයක් යටතේ වෘත්තීය පුහුණුවක් හදාරා ඇත්නම් ඔවුන්ට ඒ සඳහා යොදා ගත හැකි මෙවලම් කට්ටලයක්   නිදහස ලැබුණු දා රජයෙන් පිරිනමා තිබුණි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

නමුත් මේ වන විට ඔවුන් පුනරුත්ථපනය වී වසර ගණනාවක් ගත වී ඇති නිසා එම මෙවලම් විනාශ වී ගොස් තිබේ.

මේ පිරිසට විශේෂ බැංකු ණය ප්‍රදානය කිරීමට රජය වැඩ පිළිවෙළක් සකසන බවට පොරොන්දු වූවත් එම ණය සහනය බැංකු හරහා සාමාන්‍ය ණය ක්‍රමයක් වශයෙන් ලබා දීම නිසා ඔවුන්ට ඇපකරුවන් සොයා ගැනීමට අසීරු වීම හේතුවෙන් ණය මුදල් ලබා ගැනීමටද නොහැකි වී ඇත.

දෙමළ ඩයස්පෝරාව හා දේශීය ව්‍යාපාරිකයින් මේ පිරිසට ජීවත් වීම සදහා උදව් උපකාර කරණ අතර එම උදව් ක්‍රමවත්ව ඔවුන් වෙත ලබා දීමට   මෙම  නව කාර්යාලය ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා ප්‍රධාන රෝහල්වල ස්කෑන් යන්ත්‍ර 12ක් අක්‍රීයයි… අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය වැඩ නෑ…

Next Post

රැවුලෙන් ලෝක වාර්තාවක් තැබූ යාපනයේ රැවුලා…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.