ලලිත් චාමින්ද –
-
වාහන 152ක් අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 05කට කලින්… දිගු කාලයක් අංගනවල ගාල්කර තිබූ වාහන දිරාපත් වෙලා… විගණනය හෙළි කරයි!
ශ්රි ලංකා රේගුව විසින් මට්ටක්කුලිය ප්රදේශයේ පුද්ගලික සමාගමකින් ලබාගෙන තිබු ඉඩමකට වාර්ෂිකව රුපියල් හාර කෝටි, දහ අට ලක්ෂ, පනස් දහසක (41,850,000) කුලි මුදලක් ගෙවමින් අත්අඩංගුවට ගනු ලැබු වාහන 435ක් එකි ඉඩමේ අංගනවල වසර ගණනාවක සිට රඳවා තබාගෙන සිටින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොය ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
මින් වාහන 152ක් වසර පහකට පෙර අත්අඩංගුවට ගත් වාහන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. රුහුණුපුර වරාය භුමියේ ද තවත් වාහන 202ක් රඳවා තබාගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම වාහන අතර වාහන 36ක් වසර පහකට පමණ පෙර අත්අඩංගුවට ගත් වාහන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. සියලු වාහනවලට අදාලව මෙරටින් විනිමය වැයවිමක් සිදුවි තිබියදි දිගු කාලයක් වාහන අංගනවල ගාල්කර තැබිම හේතුවෙන් වාහන දිරාපත් වි වාහන ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්වි තිබුණි. මේ නිසා වෙන්දෙසියකින් සාධාරණ මුදලක් ඉපයිමට නොහැකි තත්ත්වයක් ඇතිවි තිබෙන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම වාහන සම්බන්ධයෙන් සුදුසු කටුයුතු කඩිනම්ව සිදුකර අවසන් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මේ පිළිබද ශ්රිලංකා රේගුවේ ප්රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට ඳදහන් කොට ඇත්තේ සියලුම වාහනවලට අදාළව මෙරටින් විනිමය වැයවිමක් සිදුවුයේ ද යන්න පිළිබඳව නිශ්චිත අදහස් දැක්විමක් සිදුකළ නොහැකි බවය.
බොහොමයක් වාහන සඳහා තවමත් පරික්ෂණ සිදුකරමින් පවතින අතර වෙන්දෙසියකින් සාධාරණ මුදලක් ඉපයිමට නොහැකිවිම පිළිබදව ද නිශ්චිත අදහස් දැක්විමක් සිදුකළ නොහැකි බවද ප්රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කොට ඇත. විගණනය මගින් පෙන්වා දි ඇති අනිකුත් අදහස් දැක්විම් වලට එකග බවද ගණන්දිමේ නිලධාරියා සඳහන් කොට තිබේ.
ශ්රිලංකා රේගුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.







