බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලික ගේම් නොගසා දැන්වත් වසංගතයේ ඇත්තට මුහුණ දෙන හැටි ගැන හිතන්න…

අපි කොවිඩ් මරණ පනහ හැට ගනිනවා.... බෝ නොවන රෝගවලින් සිය ගණන් ගෙවල්වල මැරෙනවා... සෞඛ්‍ය වෘත්තිකයෝ පිරිසක් බලධාරීනට කියති...

by editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික රෝහල ඇතුළු රටේ සෞඛ්‍ය අංශයේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන රෝහල් පද්ධතිය කොවිඩි වසංගතය නිසා බිඳ හෙළන්නේ නැතිව දැන්වත් ඇඳන් දහසක් සහිත නෙවිල් ප්‍රනාන්දු රෝහල පූර්ණ කොවිඩ් රෝහලක් බවට පත් කරන ලෙසත්, සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ඇඳන් 500ක විශේෂිත කොවිඩ් ප්‍රතිකාර රොහලක් සහ අතරමැදි  ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණයක් වෙන් කරන ලෙසත් සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණාත්මක ඉල්ලීමක් කර තිබේ.

තම තමන්ගේ තනතුරු හා ලාභ අපෙක්ෂාවෙන් ඇත්ත තත්වය වසන් කර සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් මෙතෙක් ගත් අගතිගාමී තීන්දු නිසා අද ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් පද්ධතිය පත්වී ඇති ඛේදජනක තත්වය පිළිබඳ එම වෘත්තිකයෝ කරුණු දක්වති.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් වාට්ටු 09ම රෝගීන්ගෙන් පිරී ඇති බවත්, ඇඳන් යට පවා රෝගීන් දමා ඇති බවත්, දින පතා වෛද්‍ය වාට්ටුවලින් වාර්තාවන කොවිඩ් රෝගීන් යොමු කිරීමට තැනන් නැති බැවින් එම වාට්ටු තුළම තිර රෙදි වලින් වටකළ ඉඩක රෝගීන් පැදුරු මත නිදිකරවීමට සිදුවීම බලාපොරොත්තුවනවාට වඩා මාරක අනතුරක් ඇති කරන බවත් ඔවුහු පෙන්වා දෙති.

“ මේ වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා අපට ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂිත කොවිඩ් ප්‍රතිකාර රෝහල් 3 ක් පමණයි. අයි.ඩී.එච්. රෝහලේ ඇඳන් 180ක්, මුල්ලේරියාව රෝහලේ ඇඳන් 120ක්, සහ හෝමාගම රෝහලේ ඇඳන් 180ක් සහිතව ඇඳන් 480ක් විතරයි අපට තිබෙන්නෙ. “

“මේ තත්වය මුල සිටම දැකපු ප්‍රායෝගිකව මේ සම්බන්ධව කටයුතු කිරීම සම්බන්ධ අදහසක් තිබුණු වෛද්‍ය වෘත්තිකයින් බොහෝ දෙනෙක්ක ඇඳන් 1000ක් සහිත නෙවිල් ප්‍රනාන්දු රෝහල පූර්ණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කරන ලෙස සෞඛ්‍ය ඇමතිනිය ඇතුලු සියලු බලධාරීන්ගෙන් ඉල්ලුවා. කිසිම බලධාරියෙක් ඒ ඉල්ලීම සැලකුවෙ නෑ. අවසානයේ දි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුත් කොවිඩ් හැදිලා අයි.ඩී.එච්. එකේ මිය ගියා. ඒ වෙනකොට සෞඛ්‍ය ඇමතිනිය හිටියෙත් ඒ දැඩි සත්කාර ඒකකයෙ …“

Neville fanendo hospital
නෙවිල් ප්‍රනාන්දු රෝහල

“ මේ තරම් දේවල් සිදුවෙද්දිත් විශේෂිත කොවිඩ් රෝහලක් පවත්වා ගන්න කටයුතු කරනවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙ බලධාරීන් කළේ කොළඹ ජාතික රෝහල ඇතුලු සියලුම ප්‍රධාන රෝහල්වල කොවිඩ් වාට්ටු පටන් ගැනීම. මේ වැරැද්ද ගැන අපි නිරන්තරව කිව්වා. අන්තිමට හදිසි අසනීපෙකට රෝහල් ගතවන අසරණ රෝගීන් කොවිඩ් වැළඳිලා මැරෙන්න ගත්තා. ප්‍රධාන රෝහල් කොවිඩ් වසංගත මධ්‍යස්ථාන බවට පත් වුණා.“

“ මේක හදිසි අවස්ථාවක්. නෙවිල් ප්‍රනාන්දු රෝහල ප්‍රධාන කොවිඩ් රෝහල බවට පත් කර විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එහි ප්‍රධානියා කරන ලෙසත් විවිධ රෝගාබාධ , හදිසි අනතුරු වැනි තත්වයන් යටතේ රෝහල්ගතවන කොවිඩ් ආසාදිතයන් ට ප්‍රතිකාර කිරිමට ඒ ඒ විෂයයන්වල ප්‍රමාණික වෛද්‍යවරුන් ඒ රෝහලට අනුයුක්ත කරන්න කියන ඉල්ලීම අපේ තිබුණා. සීමාවාසික වෛද්‍යවරුන්, පූර්ව සීමාවාවාසික වෙද්‍යවරුන් මෙන්ම අවසාන වසරේ වෛද්‍ය සිසුන්ද යොදවා පූර්ණ ධාරිතාවෙන් ප්‍රතිකාර කරන්න පුලුවන් හැකියාවකට නෙවිල් ප්‍රනාන්දු රෝහල සූදානම් කරන්න කියන යෝජනාව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කළා. බලධාරීන්ට කිව්වා.“

“ඒත් ඒ කිසිම දෙයක් වුනේ නෑ. සෑම දිස්ත්‍රික්කයකම තියන ප්‍රධාන රෝහල් සාමාන්‍ය රෝගීන්ට සුරක්ෂිතව ප්‍රතිකාර ගන්න පුලුවන් විදිහට කළමනාකරණය කරලා සෑම දිස්ත්‍රික්කයක් සඳහාම රෝගීන්ට ප්‍රතිකාර කරන එක් රෝහලක් සහ මෘදු රෝග ලක්ෂණ සහිත රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් පවත්වාගන්න කියන ඉල්ලීම අපි යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනවා. දැන්වත් නෙවිල් ප්‍රනාන්දු රෝහල ප්‍රධාන කොවිඩ් රොහලක් කරන්න.  ඉදිරියට ඇති වෙන්න නියමිත තත්වය ගැන දැන් අපිට ඉඟි ලැබෙනවා. “

“ඒ වගේම අපි තවම දවසට එන කොවිඩ් මරණ පනහ හැට ගැන ගැන ඉන්නවා. කොවිඩ් නිසා ප්‍රතිකාර ගන්න රෝහල්වලට එන්න බැරි බෝ නොවන රෝග සහිත මිනිස්සු දින පතා සිය ගණන් ගෙවල්වල මැරෙනවා. කවුරුත් කතා කරන්න කැමති නැති ඇත්ත මේකයි.“

මේ අවසන් මොහොතේවත් පුද්ගලික ප්‍රතිලාභ හෝ වරදාන ගැන කල්පනා නොකර රට වෙනුවෙන් ගත යුතු තීරණය ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා එහි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම වෘත්තිකයෝ   පැවසූහ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක “ඩෙල්ටා“ රැල්ලකට සැරසෙන්න… ලොව පිළිගත් ලාංකික විශේෂඥවරු දෙපළ අනතුරු අඟවති…

Next Post

ගුරු-විදුහල්පතිවරු හෙට සිට පාසල් එන්න බෑ කියති

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.