පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ය අප්‍රේල් 22 දින 29 වැනි දා දක්වා දින නියම කර ඇති බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරනු ඇත.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල රුපියල් 74ත් රුපියල් 160ත් අතර පරාසයක පිහිටුවා ඇත.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මන්නාරම පළාත් පාලන ආයතන සඳහා ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 74කි. ලාහුගල පළාත් පාලන ආයතන සඳහා එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල රුපියල් 160කි.
අනෙක් සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි මිල පවතින්නේ ඒ මිළ සීමා අතරය.
පළාත් පාලන ඡන්ද විමසිමේ දී තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැකි දින මෙසේ නිවේදනය කර ඇත.








