කන්තලේ, භාතියගම ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක බැඳ දමා සිටි එළ ගවයකු සොරාගෙන ගොස් මස් පිණිස විකුණුවේ යැයි සැක පිට පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු කන්තලේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ කන්තලේ ප්‍රදේශයේම පදිංචි තවත් අයෙකි.
ගෙවත්තේ බැඳ දමා සිටි මෙම එළ ගවයා තඹලගමුව ප්‍රදේශයේ අයෙකුට මස් පිණිස විකුණා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියා සිටියේය.
එළ ගවයාගේ අයිතිකරු මෙම ගවයා පොලිස් කොස්තාපල්වරයා ඇතුළු පුද්ගලයන් විසින් සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි කර ගැනීමෙන් පසු ඒ බව කන්තලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.







