ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් අයි.එම්.එෆ් නියෝජිත කණ්ඩායමක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතය.







