සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළ පුරුදු ඇත්තන් ගෙදර තියා අලුත්ම බඩු පාර්ලිමේන්තුවට යැවූ ගාල්ලේ පෙරළිය !

by editor
නොවැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ආණ්ඩුව රටෙන් ඉල්ලුවේ අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එවන ලෙසය. එයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වේදිකාවක් ගානේ ආඩපාලි කීවේය. එල් බෝඩ් පෙන්නමින් කීවේ තමන් සමග වැඩ කළ පළපුරුදු කට්ටිය ආර්ථිකය ගොඩ ගන්නට පාර්ලිමේන්තු එවන ලෙසය. සාගල රත්නායක ප්‍රකාශ කළේ රට ගොඩගැනීමට තමන් ද අවුරුදු දෙක හමාරක පුහුණුවක් හිටපු ජනාධිපති තුමාගෙන් ලැබූ බැවින් තමන් ද දැන් රට ගොඩනැගීමේ පළ පුරුදු කර පුරුදු කෙනෙක් බවය.

මේ කතාවලට පිළිතුරුත් ලැබිනි. ” පුරදු නෑ කියලා කසාද බඳින්න කලින් පුරුදු වෙන්න යනවද ?. ට්‍රේනින් ගන්න… පිස්සුනේ…” මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය. ආශු මාරසිංහත් ඊයේ කීවේ තමන්ගේ නායකයා කළ එම ප්‍රකාශයට තමන් එකඟ නොවන බවය.

කෙසේ වුවත් මිනිස්සු මාලිමාවේ කතාව පිළිඅරන් තිබිණි. කදිම උදාහරණය ගාල්ලය.

මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු මන්ත්‍රිවරුන් නමදෙනාගෙන් අට දෙනෙකුම නවක මන්ත්‍රිවරු වෙති.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු මන්ත්‍රිවරු හත්දෙනාම නවක මන්ත්‍රිවරුන්ය. ඉන් හතර දෙනෙකුම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරු වෙති. නිතිඥවරියක්, වෛද්‍යවරයෙකු සහ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නවක මන්ත්‍රිවරු ලෙස පාර්ලිමේන්තුවට තේරිපත්ව සිටිති.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් අපෙක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන මනාප ඡන්ද 274707 ක් ලබා ගන්නේ එවැනි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ ඉතිහාසගත වාර්තාව තබන්නේ ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ ය.

නලින් හේවගේ , රත්න ගමගේ, හසාරා ලියනගේ, නිශාන්ත සමරවිර, තිලංක යු ගමගේ, නිශාන්ත පෙරේරා, ටි.කේ ජයසුන්දර යන මහත්වරු ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නවන මන්ත්‍රිවරු ලෙස පාර්ලිමේන්තුවට තේරිපත්ව ඇත.

ජාතික ජනබලවේගයෙන් නවක මන්ත්‍රිවරයෙකු ලෙස තේරිපත්වු කණ්ඩායම් නායක නලින් හේවගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදි උපාධිධාරියෙකි. හෙතෙම ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සංඛ්‍යානය, පිළිබද ඩිප්ලෝමාවද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රිසි පිළිබද කුසලතා සම්මානයද ලබාගෙන ඇත. රත්න ගමගේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකු මෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි. ඔහු ගණිතය හා භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කරඇත.

හසාරා ලියනගේ නිතිඥවරියකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නිති පිඨයට තේරිපත්වු ඇය 2021 වර්ෂයේ දි නිතිඥවරියක් ලෙස දිවුරුම් ද තිබුණි. නිශාන්ත සමරවීර වෛද්‍යවරයෙකි. හෙතෙම ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් සභාපතිවරයාය. තිලංක යු ගමගේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකි. ආර්ථික විද්‍යා ගුරුවරයෙකි. නිශාන්ත පෙරේරා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු මෙන්ම කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සභාපතිවරයාය.

ටි.කේ ජයසුන්දර ද හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවර‍යෙකි. ඔහු ශ්‍රිලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ඉංජිනේරු නිලධාරියෙකු ලෙස වසර 12ක් සේවය කොට ඇති අතර පසුව විද්‍යා ගුරුවරයෙකු ලෙස ජාතික අධ්‍යාපන ආයතනයෙන්, පුහුණුව ලබා විවෘත විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතිකභාෂා අධ්‍යයන ආයතනයෙන් දෙමළ භාෂා පුහුණුව ලබාගෙන වසර 25ක් විද්‍යා හා දෙමළ භාෂා ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත.

ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් තේරිපත්වු එකම මන්ත්‍රිවරයා වන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චානක සම්පත් මාදුගොඩ ද පාර්ලිමේන්තුවට නවකයෙකි. ඔහු අක්මිමන ආසනයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායකවරයාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ මන්ත්‍රීවරු එක් කණ්ඩායමක් විය යුතුයි… එන්.පි.පී දෙමළ මන්ත්‍රී 05 උතුරෙන් පත් වුනේ සිංහල රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න නොවේ… අඩෙයිකලනාදන් කියයි!

Next Post

පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු අයි.එම්.එෆ්. නියෝජිත කණ්ඩායම අද දිවයිනට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.