සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරගය ඉතිහාසයේ මියුරු කතාව…

by editor
නොවැම්බර් 17, 2024
in ක්‍රීඩා
ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන් 1979 ලෝක කුසලාන තරගාවලිය අතර...

ශ්‍රී ලංකා නායක අනුර තෙන්නකෝන් 1979 ලෝක කුසලාන තරගාවලිය අතර...

Share on FacebookShare on Twitter

පල්ලේකැලෙ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී අද (17) පවස්වරු 3ට ආරම්භ වේ. මෙම තරගාවලියේ දෙවැනි තරගය අද ය. දිවා රාත්‍රී තරගයක් ලෙස අද මේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන 104 වැනි එක් දින තරගය ය.  දෙපිල අතර පැවැති එක්දින තරග 103කදී නවසීලන්තය ජයග්‍රහණ 52ක් සමඟින් මඳක් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ 42ක් ලබා ඇත. 1996 දී එක් තරගයක් සම තත්ත්වයෙන් අවසන් වූ අතර තරග අටක් ප්‍රතිඵල රහිතව අවසන් වී ඇත.

අද ශ්‍රි ලංකාව අපේක්ෂා සහගතවය. ජයග්‍රාහී රිද්මය තුළ තමන්ගේ රටේ තමන්ගේ ප්‍රේක්ෂක පිරිසක් අභියස එක් දින තරග සඳහා වාසනාවන්ත යැයි හැඟෙන ජයග්‍රාහී ක්‍රීඩාංගනයක අපේ ශක්තිය තවත් කුළු ගන්වන තණතීරුවක් මත පල්ලෙ කැලේ දී  තව පැය කීපයකින්  අද ශ්‍රී ලංකාව නවසීලන්තය මුණ ගැසෙනු ඇත.

ශ්‍රි ලංකා නවසීලන්ත එකදින ඉතිහාසය

ශ්‍රී ලංකාව නවසීලන්තය සමග මුල්ම වරට එක් දින ජාත්‍යාන්තර තරගයකට තරග වදින්නේ එංගලන්තයේ 1979 දී එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ය. 1979 අවුරුද්දේ ජූනි මස 09 වැනිදා එම තරගය පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගය ලෙස නෝටින්හැම් වලදී ය.

එවකට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ අනුර තෙන්නකෝන්ය. රෝයි ඩයස්ගේ පළමු අන්තර් ජාතික එක් දින තරගයත් එම තරගය ය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

නවසීලන්ත නායකයා මාර්ක් බර්ගෙස් ය. ඒ කාලයේ එක් දින තරගයකට පන්දු ඕවර 60කි. එක් පන්දු යවන්නෙකුට ඕවර 12ක් යැවිය හැකිය. තවත් දෙයක් කිය යුතුය. ඒ කාලයේ වෘත්තීය ක්‍රිකට් කියා දෙයක් ලංකාවේ තිබුණේ නැත. රස්සාව කර ඔෆීස් එකෙන් හවස ලබා ගන්නා පැය කීපයක විවේකය ලබාගෙන පාරේ බස් එකේ ග්‍රවුන්ඩ් එකට ගොස් ප්‍රැක්ටිස් කිරීමේ සතුට සහිතව ක්‍රිකට් විඳිමින් ක්‍රිකට් ක්‍රීඩා කළ මුල් අවධිය ය. ලෝක කුසලානයට ගියත් ලාබ හෝටල්වල කාමරය දෙතුන් දෙනා බෙදා ගනිමින් නවාතැන් ගෙන රට වෙනුවෙන් ක්‍රිකට ගැසූ කාලය ය. ක්‍රිකට් ළදරු උනත් ක්‍රීඩකයින්ගේ අධ්‍යාත්මය ඉතාම පොහොසත්ව තිබුණු කාලය ය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. නවසීලන්ත නායකයා පන්දු රැකීම තේරුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 56.5 ක දී සියල්ලෝ දැවී ගියහ. ඒ ලකුණු 189කටය. විශේෂත්වය වන්නේ නායක අනුර තෙන්නකොන් ගේ අර්ධ ශතකය පැන්නූ ඉනිමය. ඔහු හතරේ පහර 6ක් සමග ලකුණු 59ක් රැස් කළේය. ආරම්භක පිතිකරු බන්දුල වර්ණපුර ලකුණු 20ක්,  සිය මුල්ම තරගය ක්‍රීඩා කළ රෝයි ඩයස් ලකුණු 25ක් මැදපෙළ පිතිකරු දුලිප් මෙන්ඩිස් ලකුණු 14ක් රැස් කළේය. ටෝනි ඕපාත පසුපෙළින් පැමිණ ලකුණු 18ක් රැස් කළේය.

මේ තරගයේ දී රිචඩ් හැඩ්ලි පන්දු ඕවර 12ක් යවා ලබා දුන්නේ ලකුණු 24කි. එක් කඩුල්ලක් පමණක් ලැබුවේය. නවසීලන්තය වෙනුවෙන් බ්‍රෙන් මැකේන් ලකුණු 25කට කඩුළු 03ක්, වොරන් ස්ටොට් ලකුණු 48ට කඩුළු 3ක් ලැබුවේය.

1979 ලෝක කුසලානයේ දි මුල්ම වරට නවසීලන්ත කණ්ඩායම හමුවූ ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිස…

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්තයෙන් අපේ පන්දු යවන්නට එල්ලවන්නේ දැඩි ප්‍රහාරයකි. ආරම්භක පිතිකරු ග්ලෙන් ටර්නර් පන්දු 143ක දී හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 83ක් ලැබුවේය. ජෙෆ් හොවාග් නොදැවී ලකුණු 63කි. නවසීලන්ත කණ්ඩායම කඩුළු 09ක ජයක් අත් කරගන්නේය. ඒ පන්දු ඕවර 47.4ක් තුළය. නවසීලන්ත කණ්ඩායමේ දැවී යන එකම ක්‍රීඩකයා රෝන් රයිට් ය. පන්දු ඕවර 12 ලකුණු 39කට යැවී වමතින් දඟ පා දඟ පන්දු යැවූ අජිත් ද සිල්වා ඒ එකම කඩුල්ල ලබා ගන්නේය.

අප නවසීලන්තය සමග එක් දින ක්‍රිකට් ගහන්නට පටන් ගන්නේ එසේය. ඒ තරගය අන්තර්ජාතික එක්දින තරගවල 62වැනි තරගය ය.

ඒ එක්දින ජාත්‍යාතර තරග නොම්බරය 62 ය. අවුරුදු 45කට පසු අද අප යළිත් නවසීලන්තය සමග තරගයක ය. මේ තරගය පැවැත්වෙන්නේ එක්දින ජාත්‍යාන්තර තරග පිටියේ 4808 තරගය ලෙසය.

මේ වසර 45 තුළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක් දින ජාත්‍යාන්තර තරග 103ක් පවත්වා ඇත. ක්‍රිකට්වල වෙනස් වූ රිද්මය ඒ තරග ඉතිහාසය තුළ රූපණය වී ඇත. ශ්‍රී ලංකා නවසීලන්ත මුල්ම එක්දින තරගාවලිය නවසීලන්තයේ දී පැවැත්වෙන්නේ 1983 මාර්තු මාසයේ නවසීලන්තයේ දී ය. තරගාවලිය 3-0 ලෙස පරාදය.

පළමු එක්දින ජයග්‍රහණය සහ තරගාවලි ජයග්‍රහණය 

නවසීලන්තය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම එක්දින තරග ජයග්‍රහණය වාර්තා කරන්නේ 1984 මාර්තු මාසයේ ය. ඒ නවසීලන්තය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ය. එවකට මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩා පිටියකි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය පැවතියේ ටිරෝන් ප්‍රනාන්දු පිටියේ ය. තරගය පැවැත්වෙන්නේ ඕවර 40ක තරගයක් ලෙසය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 40 තුළ කඩුලු 8කට ලකුණු 157ක් රැස් කළේය. අර්ජුන රණතුංග ලකුණු 50ක් රැස් කළේ පන්දු 60කිනි. උවයිස් කරනයින් පන්දු 24ක දී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 28ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දු ඕවර 34ක් තුළ ලකුණු 116කට දැවී ගියේය. වාර්තාගත පන්දු යැවීමක නිරත වූ දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක උවයිස් කරනයින් පන්දු ඕවර 40 තරගයේ සිය පන්දු ඕවර 08 තුළ ලකුණු 28කට කඩුළු 05ක් බිඳ හෙළුවේය. අර්ජුන රණතුංගත් පන්දු යවා කඩුළු 03ක් දවා ගත්තේය. අපි නවසීලන්තය සමග මුල්ම තරග ජයග්‍රහණය වාර්තා කරන්නේ ලකුණු 41කිනි.

1979 න් ආරමභ වුන දා සිට ශ්‍රි ලංකාට නවසීලන්තයට එරෙහි ත තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට අවුරුදු 13ක් ගත විය. 1992 දී නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය ක්‍රීඩා කළ තරග දෙකෙන්ම පරාජය කළේය. එක් තරගයක් ප්‍රතිඵල රහිතව අත්හැර දැමිනි. මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකත්වය දරන්නේ අර්ජන රණතුංගය.

අවසන් වරට අප නවසීලන්තයට එරෙහි තරගාවලි ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තේ වර්ෂ 2012 දී ය. ඒ තරගාවලියේ ජයග්‍රහණය කළ තරග 03න් දෙකක් ක්‍රීඩා කරන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ය. තරගාවලිය ජයග්‍රහණය කරන්නේ මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ ය.

වෙනසකට අවස්ථාවක්…

අද පල්ලෙකැලේ දී…

දැන් යළිත් අද වෙනසක් කිරීමට අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇත. ඒ චරිත් අසලංකගේ නායකත්වය යටතේය. වසර 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණයක ප්‍රාර්ථනාව සමගය.

චරිත් ගේ නායකත්වය විචිත්‍රය. අන්ත බිඳවැටුන කණ්ඩායමක් ඔහුගේ නායකත්වය යටතේ සනත් ජයසූරියගේ දැඩි විනය සහ ආකල්ප ගොඩනගන පුහුණු කාරිත්වය යටතේ ගොඩනැගෙමින් ඉන්දියානු කණ්ඩායමට තරගාවලි පරාජයක් අත් කර දුන්නේය. ඒ පිබිදීම මතුවන්නේ දශක තුනකට ආසන්න කාලයකට පසුය.

අද පල්ලෙකැලේට කාලගුණයෙන් ඒ ආපදා අවම වන බවට අනාවැකි පලවී ඇත. සවස 2 සහ 4 අතර වැසි වාර දෙකක් ඇද හැලෙනු ඇති බවට අනාවැකි පලවී ඇත. ඒ අතර බාධාවක් පිලිබඳ පුරෝකථන නැත. දිවා රාත්‍රී තරගය අපේක්ෂා දල්වන සුලුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු අයි.එම්.එෆ්. නියෝජිත කණ්ඩායම අද දිවයිනට…

Next Post

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි… ඒත් පක්ෂයේ එකම ජාතික ලයිස්තු ආසනයෙන් දිලිත් පාර්ලිමේන්තු එයි….

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.