නතාෂා නෙත්මිණි –
කොවිඩ් රෝගය ඉදිරි දිනවලදී රටපුරා වසංගතයක් ලෙස පැතිර යා හැකි බැවින් පීසීආර් කට්ටල තොගයක අතිරික්තයක් වසංගත රෝග විද්‍යා අංශ සතුව තිබිය යුතු බව එම අංශය තීරණය කරයි.
මේ අනුව ලක්ෂයක පීසීආර් කට්ටල අතිරික්තයක් වසංගත රෝග විද්‍යාඅංශය සතුව පවත්වාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කරන ලදි.
මේ වන විට වසංගත රෝග විද්‍යා අංශ තුළ ඇත්තේ විසිපන්දහසක අතිරික්තයක් පමණක් යැයි මෙම සාකච්ඡාවේදී හෙළිදරව් විනැයි අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අනුව අතිරික්ත තොගය ලක්ෂය දක්වා වැඩිකිරිම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරිය දැනුවත් කල යුතු බවද මෙහිදී තීරණය කරන ලදි.