බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිල්ලෙයාන්ගේ ගෝලයා ඉනියභාරතී සීඅයිඩී අත් අඩංගුවට… කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම් වධකාගාර පවත්වා ගැනීම් ඇතුළු චෝදනා රැසක්…

Investigations to determine the involvement in the arson attack on the Akkaraipattu Court.

by editor
ජූලි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • තමන්ගේ නඩු රැසක ලිපි ගොනු සහිත, නඩු රැසක් විභාග වෙමින් ඇති අක්කරපත්තු අධිකරණයට ගිනි තැබුවේත් ඉනිය භාරතී බවට චෝදනා… ඒ සම්බන්ධව  තවමත් විමර්ශන  

පිල්ලෙයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන මේ වනවිට පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් TMPV පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක,  හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනියභාරතී සහ ඔහුගේ අනුගාමිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) අත් අඩංගුවට ගත්තේය.

ඉනියභාරතී සහ ඔහුගේ සමීපතමයා අත් අඩංගුවට පත් වන්නේ 2005 සිට 2008 දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සිදුවූ කප්පම් ගැනීම් පැහැරගෙන යෑම්, මිනී මරුම්, පුද්ගලයින් අතුරුදහන් කිරීම්, ගිනි අවි භාවිතයන් සහ වධකාගාර පවත්වාගෙන යෑම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඉනියභාරතී සහ ඔහුගේ ගෝලයා අත් අඩංගුවට ගෙන තිබේ.

ඉනියභාරතී වර්ෂ 2004 දී එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත වූ කරුණාඅම්මාන්ගේ පාර්ශවයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ සන්නද්ධ කඳවුරක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබිණි. මොහු කරුණා අම්මාන් නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේය. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඔහු නැගෙනහිර පලාතේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස 2012 සහ 2015අතර කාලය තුළ කටයුතු කළේය.

නැගෙනහිර විශ්විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් වර්ෂ 2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ දී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව මේ වනවිට ඔහුගේ නායකයා වූ සිවනේසිතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කරමින් ඇත.

ඉනියභාරතී සහ ඔහුගේ ගෝලයා සම්බන්ධ විමර්ශන වලදී අනාවරණය වූ අපරාධ සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

  • 2005.02.07 වන දින පොළොන්නරුව, වැලිකන්ද පුල්ලෙයාර් අඩි ප්‍රදේශයේදී ටී. එන්. ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනායගම් චන්ද්‍රනේරු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ඝාතනය කිරීම.
  • 2007.05.09 වන දින ජොන්සන් ජෙයකාන්තන් නොහොත් සින්දුජන් යන අය ඝාතනය කිරීම.
  • 2007.06.28 වන දින තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා සභාපති පිල්ලනායගම උදය කුමාර් යන අය ඝාතනය කිරීම.
  • 2007.07.27 තිරුක් කෝවිල් ප්‍රදේශයේ පදිංචි සිවනාදිගන් අලගු රාසා යන අය පැහැර ගැනීම
  • 2008.04.20 කල්මුණේ පොලිස් වසමේ පාණ්ඩිරිප්පු ප්‍රදේශයේදී කන්දයියා නාගරාසා සහ කනගරත්නම් ආනන්දි යන ග්‍රාම නිලධාරී යුවළ ඝාතනය කිරීම
  • 2008.09.25 වන දින තිරුක්කෝවිල් විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි තිරුමාල් තිරුවෙල්වම් යන අය පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම.
  • 2008.11.21 වන දින තිරුක්කෝවිල් විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි රාසයියා කෝපුලන් යන අය වෙඩි තබා ඝාතනය කිරීම හා ඔහුගේ මවට වෙඩි තබා තුවාල සිදු කිරීම.
  • 2022.12.21 වන දින අක්කරපත්තු අධිකරණයට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට මෙම සැකකරුවන්ගේ ඍජු සම්බන්ධතාවයක් ඇත් ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

ඉනියභාරතී සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තා වලට අනුව නැගෙනහිර පළාතේ පුද්ගල ඝාතන, පැහැරගැනීම්, වදකාගාර පවත්වා ගෙන යාම, ගිනි අවි පරිහරණය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ද නම් කර ඇති බවට අනාවරණ වී ඇත.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තවදුරටත් විමර්ශන සිදුකරගෙන යනු ලබන බව පොලිසිය කියයි.

අදාල නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලින්ගේ මරණීය තර්ජන විඳිමින් ජීවත්වන මිනිස්සු භාතිය රැකගන්න පෙළ ගැසුන හැටි…

Next Post

ඩුබායි පාතාලයෙක් “ඕවර් “යයි… පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකුට හිටපු පොලිස්පතිවරයෙකුට සහ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට කළ මරණ තර්ජන ගැන CID විමර්ශනයක් අරඹයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.