අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පියා ඝාතනය කරන තෙක් සංගීත සංදර්ශනේ නැරඹු දියණිය ඝාතකයාත් සමඟ අත්අඩංගුවට!

by Lankasara News
නොවැම්බර් 25, 2022
in පුවත්
dead body
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ

බැංකු ගිණුම්වල ඇති රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් සහ කෝටියකට අධික වටිනාකම් ඇති ඉඩකඩම් අයිති කර ගැනීම සඳහා අවුරුදු 71ක් වයසැති සිය පියාව මරා දැමූ දියණියක සහ ඝාතනය සිදු කළ කුලී ඝාතකයා බටපොළ පොලිසිය පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ බටපොළ අලුත්වල පදිංචිව සිටි විශ්‍රාමික සමුපකාර සේවකයකු වන ජයසිරිද සිල්වා (71) නමැති අයවය. ඉකුත් 18 දා රාත්‍රි කාලයේදී මේ ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි.

මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හර්ෂා චාන්දනී (38) නමැති ඝාතනය වූ පුද්ගලයාගේ දියණිය සහ මිරිස්වත්ත ඇත්කඳුරේ පදිංචිකරුවකු වන මෂාන් දිනුක අල්විස් (23) යන අනියම් සැමියාගේ සහෝදරයාවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කාන්තාව දියණිවරු තිදෙනකුගේ මවකි. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 18ක් වන අතර, බාල දියණියගේ වයස අවුරුදු 09කි. දෙවැනියාගේ වයස අවුරුදු 14ක් වන බව පොලිසිය කියයි.ඇගේ සැමියා බහු දින යාත්‍රාවක රැකියාවක නිරතව සිටින ධීවරයෙකි. ඔහු මුහුදු ගොස් නිවෙසට එන්නේ මාස දෙක තුනකට සැරයකි. ඇගේ අනියම් සැමියා බද්දේගම පදිංචිව සිටින තැනැත්තකු බව පොලිසිය කියයි.

මේ කාන්තාව නිදහස් ජීවිතයක් ගත කිරීමට කැමැත්තක් දක්වන තැනැත්තියක් බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එළිමහන් සංගීත සංදර්ශන නැරඹීමට පවා ඇය සිය දරුවන් සමඟ යන බවත් එහිදී ඇය නටමින් විනෝද වන බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඇය ඉකුත් 18 දා රාත්‍රි 9.00ට පමණ සිය දියණිවරු තිදෙනා සමඟ හික්කඩුවේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් ඇත. ඒ වන විට නිවෙසේ සිට ඇත්තේ පියා පමණි. ඇය දියණිවරු සමඟ නිවෙසින් පිටව ගොස් ඇත්තේ පිටතින් දොරගුළු දමාය. නැවත නිවෙසට පැමිණ ඇත්තේ 19 දා උදෑසනය. ඒ එන විට පියා සිට ඇත්තේ නිදි ඇදේම මිය ගොසිනි. ඇය හඬමින් මේ ගැන අවට වැසියන්ට පවසා පොලිසියට ගොස් පැමිණිල්ලක්ද කර තිබුණාය. ඇගේ සැමියාද මුහුදු ගොස් පැමිණ ඇත්තේද එදින උදෑසනමය. මේ මරණය ගැන කිසිදු සැකයක් නැති බව ඇය පොලිසියට පැවසීම හේතුවෙන් සහ මියගොස් සිටි පුද්ගලයා නිදි ඇදේම මිය ගොස් සිටි බැවින් පොලිසිය මළ සිරුර බලපිටිය රෝහලට රැගෙන ගොස් ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටය.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට සූදානම් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිරීක්ෂණයට මළ සිරුර යොමුවී ඇත. එහිදී මළ සිරුරේ ගෙලෙහි ඇති තැලීම් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. ඒ ගැන ඇති වුණු සැකයක් මත අධිකරණ වෛද්‍ය නිලධාරියා පශ්චාත් මරණ පරීක්ෂණය නොකර ඒ බව පොලිසියට දැනුම් දී ඇත. එම දැනුම් දීමට අනුව පොලිසිය මේ මරණය ගැන අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන් සහ පොලිස් නිල සුනඛ අංශයද ඇගිලි සලකුණු අංශයද කැඳවමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අනතුරුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ගෙල සිර කිරීමකින් මේ මරණය සිදුවී ඇති බවය.

ඒ අනුව මේ මරණය ස්වභාවික මරණයක් නොව මිනිස් ඝාතනයක් බව තහවුරු කර ගත් පොලිසිය මුලින්ම සිය සැකය එල්ල කර ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ දියණියගේ සැමියා කෙරෙහිය. ඒ ඔහු මුහුදු ගොස් පැමිණි දිනයේම මේ මරණය සිදුවී ඇති බැවිනි. ඒ අතර පොලිසියේ සැකයට දියණියගේ හැසිරීම් ලක්ව ඇත. වෙනදාට සංගීත සංදර්ශන නැරඹීමට ගොස් එහිදී නටමින් විනෝද වන ඇය එදින විනෝද නොවූ බව දියණිවරුන්ගෙන් පොලිස් නිලධාරීන් දැන ගත්තේය.

ඇගේ අනියම් පුරුෂයා සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිවී ඇත්තේ එහිදීය. ඒ අනුව පොලිස් නිලධාරීන් ඇගේ ජංගම දුරකතනය ජාල පරීක්ෂාවකට ලක් කරන විට ඇගේ පියාගේ මරණය වූ දින ඇය අසාමාන්‍ය ලෙස යම් පුද්ගලයකුට ගත් දුරකතන ඇමතුම් රැසක් පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ. මරණය වූ දින රාත්‍රි කාලයේදී පවා ඇමතුම් රාශියක් ඇය විසින් ගෙන ඇති බව පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. අනතුරුව ඇය විසින් එදින රාත්‍රි කාලයේ විටෙන් විට ඇමතුම් ගත් පුද්ගලයාව හඳුනාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර තිබේ. එදින ඔහු බටපොළ පැත්තේ නොසිටි බව මුලදී කීවත් දුරකතන සංඥා කුලුනු විමර්ශනයේදී ඔහු එදින රාත්‍රි කාලයේ බටපොළ රැඳී සිටි බව තහවුරු වීම හේතුවෙන් පොලිසියට බොරු කියා ගැලවෙන්නට ඉඩක් නොවීය. සිය සහෝදරයාගේ අනියම් බිරියගේ ඉල්ලීම මත එම ඝාතනය තමන් විසින් කළ බව එහිදී ඔහු පිළිගෙන තිබේ.

සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමා මේ අපරාධය කරනු ලැබුවේ තමාට ඇය විසින් යතුරු පැදියක් දෙන්නම් යැයි පොරොන්දු වූ නිසා බවය. සංගීත සංදර්ශනය නැරඹීමට හික්කඩුව බලා යන විට ඇය නිවෙසේ ඉදිරිපස දොරේ යතුර ගෙවත්තේ තැනක සඟවා ගොස් ඇත. ඒ තැන ගැන කල්තියාම තමාට ඇය පැවසූ බවද සැකකරු පවසා තිබේ. සංගීත සංදර්ශනය නැරඹීමට ඔවුන් හික්කඩුව බලා පිටත්ව යන විට තමා නිවෙසේ පිටුපස සැඟවී සිටි බවත් ඔවුන් පිටත්ව ගිය පසු සඟවා තිබූ තැනින් යතුර රැගෙන දොරගුළු ඇර නිවෙසට ඇතුළු වූ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

මේ පුද්ගලයා නිවෙසට ඇතුළු වන විට ඇගේ පියා සිට ඇත්තේ නිදි ඇදේය. ඔහුව මරා දමා ඇත්තේ මදුරු දැලෙන් ගෙල සිර කර කොට්ටකින් මුහුණ තද කර බවද සැකකරුගේ ප්‍රකාශ මත හෙළිවී තිබේ. අනතුරුව අපරාධයක් නොවූ ලෙස මදුරු දැල පවා සකස් කර ඔහු නිවෙසින් පිටව ගොස් ඇත.

සැකකරු විසින් මේ සම්බන්ධයෙන් කළ හෙළි කිරීම් සහ විමර්ශනාත්මක සාක්ෂි පදනම් කරගෙන මිය ගිය පුද්ගලයාගේ දියණියව පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ඩ් කොයින් ජාවාරමේ කෝටි 1500ක් වංචා කළ චීන ජාතික කාන්තාව ඇතුළු 08 දෙනා යළී රිමාන්ඩ්…

Next Post

රජයෙන් රසායනාගාර පුහුණුව  පෞද්ගලික   ආයතනවලට ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නීති විරෝධී බලපෑම්…. 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.