ශ්‍රියානි විජේසිංහ –
රසායනාගාර පුහුණුව සහ අක්ෂි තාක්ෂණවේදී පුහුණුව පෞද්ගලික අංශයේ සේවකයින්ට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සිය ලිපි ශීර්ෂය යටතේ ලිපි නිකුත් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංමය සඳහන් කරයි.
කෙසේ නමුත් සෞඛ්‍ය වෘත්තිකයින් සිය පුහුණුව ලබා දීමට බැඳී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයට අදාල සේවාවන් සපයන වෘත්තිකයන්ට පමණක් යැයි සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.
රෝහල් අධ්‍යක්ෂවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඔවුන්ගේ පෞද්ගලික හිතවත්කම් මත විවිධ පුද්ගලයින් ආයතනයන් තුළට කැඳවමින් අදාල පුහුණුව ලබා දෙන මෙන් තම වෘත්තිකයින්ට බලපෑම් කරන බව ද ඔහු පැවසුවේය.
මෙසේ බාහිර පුද්ගලයින්ට පුහුණුව ලබා දීමට තම වාත්තිකයන්ට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
නිසි සුදුසුකම් හෝ පහසුකම් හෝ නොමැතිව පවත්වාගෙන යන පෞද්ගලික සෞඛ්‍ය ආයතනයන්ට පුහුණු වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද මෙය නීතිවිරෝධී වැඩපිළිවෙළක් යැයිද ඔහු පෙන්වාදේ.
මෙය පෞද්ගලික පරීක්ෂණ කඩ සඳහා නීත්‍යානුකූලභාවයක් ලබා දීමට දරණ උත්සහයක් බවත් මෙය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නොමග යවමින් සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස හොරපාරෙන් නීත්‍යානුකූලභාවය ලබාගැනීමට ආයතන ප්‍රධානීන් ගන්නා උත්සාහය වහාම නතර කරන්නැයි ද සංගමය ඉල්ලීමක් කරයි.