මනම්පිටිය නිමල් ජයරත්න –
ගිරිතලේ වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි පිඹුරෙකු, විශාල වඳුරෙකු අද ( 23 ) දහවල් ගොදුරු කරගෙන සිටින ආකාරය අප කැමරාවේ මෙසේ සටහන් විය.
පොළොන්නරුව ගිරිතලේ ඇළහැර ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ මෙම සිද්ධිය සිදුවූයේය. ප්‍රදේශවාසීන් සඳහන් කළේ පිඹුරා සැලකිය යුතු කාලයක් වඳුරා සමග ජීවිතය වෙනුවෙන් සටන් කළ බවය.
මෙම පිඹුරා දින කිහිපයක් තිස්සේ වැව් රක්ෂිතයේ සැරිසරන ආකාරය ප්‍රදේශවාසීන් විසින් දැක තිබේ.







