බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු විමර්ශනවලට විපක්ෂ නායකයා බාධාකරන බව පළවන පුවත් අසත්‍යයි

by Lanka Sara Editor
මැයි 17, 2021
in පුවත්
sajith premadasa
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිදරව් කිරීමට විපක්ෂ නායකවරයා බාදා පමුණුවන බවට ඇතැම් මාධ්‍ය තුළ පලවන අසත්‍ය වාර්තා පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද(17)සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දුන් අතර අදාල වාර්තා සහමුලින්ම අසත්‍ය බවට යෝජනාවක් ද සම්මත කරගනු ලැබීය.

සමගි ජනබලවේගයේ ජ්‍යේෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න මහතාගේ සහ සහකාර ලේකම් අශෝක් අබේසිංහ මහතාගේ යෝජනා ස්ථීරත්වයෙන් එය සම්මත විය.

ඒ පිළිබඳව විශේෂ නිවේදනය පහත දැක්වේ. 

“මෑත ඉතිහාසය තුල මෙරට සිදුවූ මිලේච්ඡ සිදුවීම වූයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයයි. එම ප්‍රහාරයේ බියකරු මතක මේ රටේ සියලු දෙනා තුළ තවමත් රැව් පිලිරැව් දෙමින් තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බවත්,ඔවුන්ට උපරිම දඩුවම් ලබා දියයුතු බවත් අපි මුලසිටම ගත් ස්ථාවරය වන අතර එය කිසිම විටෙක නොවෙනස් ස්ථාවරය කි. එම ප්‍රහාරය දියත් කළවුන්ද ඊට අනුබල දුන් පිරිස්ද මිලේච්ඡ ත්‍රස්තවාදීන් ලෙස සෘජුවම ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව ඉදිපත් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිපත්තිය අපතුල දැඩිලෙස ඇති අතර, පාස්කු ප්‍රහාරයේ චූදිත ත්‍රස්තයින් සම්බන්ධයෙන්  අපේ ස්ථාවරය ඔවුන්ට මරණ දඩුවම දියයුතු බව ය. ඒ තරමටම එම බියගුළු ප්‍රහාරය සහ ඊට සම්බන්ධ වූවන් පිළිබඳව පිළිකුලක් අපතුල වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති බොහෝ තොරතුරු හෙලිදරව් කිරීමට සහ ඒවා පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් කතා කිරීමට අප කිසිවිටෙක පසුබට නොවූ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව කතා කිරීමේ පූර්ණ නිදහස,සහ ආශිර්වාදය අප ලබා දී ඇත.

ඒ බව එම මන්ත්‍රීවරු පවා සාක්ෂි දරන අතර එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ සියලු දෙනාගේ නාමයෙන් ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතුය.

අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරමු.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම වැනි අයිතීන්  පිළිබඳව ද නිදහසක් සමගි ජනබලවේගය  පූර්ණ වශයෙන්ම ලබාදී ඇති අතර පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පූර්වාදර්ශ ලබාගත හැකි මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙතක් සමගි ජනබලවේගය තුල වෙයි.

කෙසේ වෙතත්,

උදාර පරමාර්ථයන් සාක්ශාත් කරගැනීම උදෙසා අප යන ගමනේදී ඊට අකුල් හෙලන යමෙක් වෙත්නම් ඒ තුලින් ගම්‍ය වන්නේ එවැන්නන් තුල ඇති දුෂ්ඨ අපේක්ෂාවන් සහ කුමන්ත්‍රණකාරී බලාපොරොත්තු ය.

එකී දුෂ්ඨ පරමාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර ඇති අයෙක් වෙත්නම් අපේ පිළිකුල ඔවුන්ට පල කරමු.සිය ප්‍රාථමික අපේක්ෂාවන් වෙනුවෙන් කිසියම් පුද්ගල කණ්ඩායමක් කටයුතු කරනවානම් අප ඊට එරෙහි අතර සමගි ජනබලවේගයේ සමස්ත මහජන නියෝජිතයින් ද එම තීන්දුවට එකගවනු ඇත.

මේ මොහොතේත් රට පුරා ජනතාව බලවත් පීඩාවකින් සිටින අතර ආණ්ඩුවේ අසාර්ථකත්වය මොහොතින් මොහොත උද්ගත වෙමින් තිබේ.මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජනබලවේගය ඩීල් සහ පටු ලාබ අපේක්ෂා වෙනුවට මහජන සේවය උදෙසා නිරන්තරයෙන්ම කැපවෙන අතර එකී අපේක්ෂාවන්ට එරෙහිව යන පිරිස් කෙරෙහි අපි අනුකම්පා කරමු .පිළිකුල ප්‍රකාශ කරමු.

පිරිසිදු අරමුණු සහිතව අප යන ගමන මානසික උද්දච්ච බවින් පිරුණු අපරිණිත අවස්ථාවාදීන්ට ආපසු හැරවිය නොහැකි අතර බොරුව සහ මුලාව ජනගත කිරීමත්,වොයිස්කට් දේශපාලනයත්  ඔවුන්ගේ ප්‍රමුඛ සිහිනය වන අතර අපට ඇත්තේ ජනතාව සමග් අත් නොහරින වගකීම් සහගත සමාජ පරිවර්තනය කි.

එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු අරභයා සත්‍ය හෙලිදරව් වනතුරු අප අරගල කරමු.

සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශය”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය මහා කුමන්ත්‍රණයක්! සෑබෑව කාලය විසින් හෙළි කරයි….

Next Post

අධිකරණ නියෝගය බල රහිත කරයි… යුද්ධයෙන් මිය ගිය අය හෙට සිට සැමරිය හැකියි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.