බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

තුර්කි ජාතික සැකකරුවෙකුගේ පරීක්ෂණ ටී.අයි.ඩී. ලොක්කෙක් බලපෑම් කර නවත්වලා…

රාජ්‍ය බුද්ධි සේවයේ ලොක්කෙකු ගැන නාලක ද සිල්වා ගෙන් හෙළිදරව්වක්

by editor
අගෝස්තු 13, 2020
in පාස්කු කොමිසම
Nalaka-de-Silva

නාලක ද සිල්වා

Share on FacebookShare on Twitter

තුර්කියේ සිට 2018 වසරේදී ශ්‍රි ලංකාවට පැමිණි  මොහොමඩ් රිම්සාන් නැමැති පුද්ගලයකු පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනයක්  නතර කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ එවකට සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු  තමාට බලපෑම් කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා   පාස්කු කොමිසම හමුවේ අද (13) හෙළි කළේය.

කොමිසම හමුවේ තෙවැනි දිනයට අද සවස  සාක්ෂි දුන් නාලක ද සිල්වා මහතා ගේ සාක්ෂි මෙහෙයවීමේ මුල් අවස්ථාව මාධ්‍යයට විවෘත වූයේ නැත. නාලක ද සිල්වාගෙන් සාක්ෂි මෙහෙයවන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකි.

ඔහු විසින් මෙහෙයවන ලද සාක්ෂි හමුවේ කරුණු හෙළිකළ නාලක සිල්වා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුව මොහොමඩ් රිලාබ්දීන් මොහොමදු රිම්සාන් නැමැති ශ්‍රි ලාංකික පුරවැසියා සම්බන්ධයෙන් මෙසේ විමර්ශනය කළේ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව බවත් අවසානයේ එම විමර්ශන  නවත්වන්නටද රාජ්‍ය බුද්ධි සේවය පොලිස්පතිවරයා හරහාම නියෝගයක් තමා වෙත ලබා දුන් බවත් සඳහන් කළේය

වැඩිදුරටත් කරුණු හෙළි කළ නාලක ද සිල්වා  2018 පෙබරවාරි මස 07 වැනිදා පොලිස්පතිවරයා විසින් තුර්කියේ සිට මෙරටට පැමිණෙන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස එවූ ලිපියකට අනුව ඔහු කටුනායක ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීමට ලක් කොට මුදා හැර තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එයින් පසුව යළිත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඔහුට පැමිණෙන ලෙස දිනයක් ලබා දුන් අතර රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා නාලක සිල්වා අමතා මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම නවත්වන ලෙස ඉල්ලා ඇත.

“ඔහු මට කථාකළ අවස්ථාවේදී මම ඔහුට දැනුම් දුන්නා මට ඒ විමර්ශනය සිදුකරන්න කියල දැනුම් දුන්නේ පොලිස්පතිවරයා විසින්. මට එය නතර කිරීමටත් නියෝගයක් ලබා දිය යුත්තේ පොලිස්පතිවරයා බව. ඒ අනුව පොලිස්පතිවරයාගෙන් මට එම විමර්ශනය නතර කරන ලෙසට නියෝගයක් ලිඛිතව ලැබුණා.“ ඔහු මෙම අවස්ථාවේ 2018 මාර්තු 14 වැනිදා දාතමින් පොලිස්පතිවරයා විසින් අදාළ විමර්ශන නතර කරන ලෙස නියෝග කළ ලිපියද කොමිසම හමුවේ ඉදිරිපත් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යංශ ලේකම් තනතුරට

Next Post

අපයොජනයෙන් ඔබේ දරුවා බේරාගන්නේ කෙසේ ද?

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.