ශ්‍රියානි විජේසිංහ –
පාසල් ළමුන්ට 2025 වසර සඳහා දිවා ආහාරය ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට මුදල් කොමිසම සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු මේ වන විටත් යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කරයි.
පාසල් ළමුන්ගේ දිවා ආහාරය නතර කර ඇති බවට මේ වන විට ඇතැම් සමාජ මාධ්‍යවල ප්‍රචාරණයක් සිදුකරමින් යන බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඇය පෙන්වාදේ.
ඉදිරි මාස දෙක සඳහා මුදල් අමාත්‍යංශය මගින් පාසල් ළමුන්ගේ දිවා ආහාරය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් මිලියන 1200ක මුදලක් ලබා දී ඇති බවද ඇය අවධාරණය කරයි.
බස්නාහිර පළාත තුළ ඇතැම් ආහාර සැපයුම්කරුවන්ට මුදල් ලබා දීම ප්‍රමාද වීමේ ගැටලුවක් මතුව තිබු නමුත් මේ වන විට අදාල සැපයුම්කරුවන්ගේ මුදල් ප්‍රතිපාදනයන් පළාත් සභාවලට ලබා දී ඇති බවද ඇය පවසා සිටියි.







