සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් සිසුන්ගේ පෝෂ්‍යදායි ආහාර වේල අඛණ්ඩව ලබාදීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක්!

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ආහාර වැඩසටහනෙහි ආධාර මත ක්‍රියාත්මක මෙරට පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන, මේ වන විටත් ක්‍රියාත්මක ආකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය විසින් ගෙන ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, මෙම වැඩසටහනට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා ගේට් පදනම හා පාත් පයින්ඩර් ආයතන නියෝජිතයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමඟ අද (23) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්කවල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාරය ලබා දීමේ රජයේ වැඩසටහනට සමගාමීව, පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් මේ වසරේ වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 32 කි.

තෝරාගත් දිස්ත්‍රික්ක 04ක නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අංශ විසින් කෙරෙන විධිමත් අධ්‍යයනයකින් පසු දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් පාසල් දරුවන්ගේ යකඩ ඌණතා ගැටලුව අවම වී ඇද්ද යන්න සොයා බැලීම අධ්‍යයනයේ අරමුණයි.

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් ( Fortified Rice ) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා පදනම, ගේට්වේ පදනම හා ෆාත්ෆයින්ඩර් පදනම තවදුරටත් සහය ලබා දීමට ද එකඟ වී ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් මලර්මදී ගංගාධරන් ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා නියෝජිතායතනවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෑන්ගේ මරණයට සැක තාත්තයි පුතයි කවුද?

Next Post

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට අදාල චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුව නම් කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.