සූරියවැව නුවන් ජයසේකර –
තිස්සමහාරාම දර්ශනගම කොහොඹගහපැලැස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත පාසල් වයසේ පසුවන 17 හැවිරිදි තරුණයෙක් තිස්සමහාරාම පොලිසිය විසින් අද (04) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ශනගම කොහොඹගහපැලස්ස, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචි 17 හැවිරිදි අයෙකි.
තිස්සමහාරාම පොලිසියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලිමකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලිම සිදුකරන අවස්ථාවේ සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2110ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ ප්‍රකාශ සටහන් කර ගැනිම සදහා තිස්සමහාරාම පොලිසියට රැගෙන ආ අතර සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.







