ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසානකර ඇත්තේ ජ්‍යොතිෂය පිළිබඳ අදහසකින් විය හැකි යැයි මත පලවන බව බී.බී.සී. ය වාර්තා කරයි.
දේශපාලනඥයින් බොහෝවිට ජ්‍යෝතිෂ ශාස්ත්‍රය විශ්වාස කරන බැවින් මෙවැනි ක්‍රියා එම උපදෙස් මත සිදුවන බවට දේශපාලන විචාරකයන්ගේ අදහසක් ඇතැයි බී.බී.සි. ය කියයි.
ගැස්ට් නිවේදනය නිකුත් කර පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හා අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේ ය. එමගින් එම කමිටු අහෝසි වී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයින් පත්කළ යුතු වේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ දක්වා සිදුකරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට අදාල විමර්ශනවලට ද මින් බලපෑම් එල්ල වෙයි.
වාර අවසාන කිරීමේ සැබෑ අරමුණ නම්, අදාල පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් සහ සභිකයින් ඉවත් කිරීම විය හැකි බව තවත් දේශපාන විචාරකයන් පිරිසක් අදහස් කරන බව බී.බී.සි ය කියයි.
මෙවර පාර්ලිමේන්තුවේ වාරාවසානය ප්‍රකාශයට පත්කෙරුණේ, එක අතකින්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර දින කිහිපයකට පසුව වුවද මෙතෙක් මුදල් අමාත්යවරයාහෝ රජය පාර්ශවයෙන් කිසිවෙකුත් ඊට පාර්ලිමේන්තුවේ දී ප්‍රතිචාර දක්වා නැති බව ද බීබීසි ය පෙන්වා දෙයි.
එමෙන්ම, මේ වන විට යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමට විරෝධය පා අමාත්‍ය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු රජයේ ය අමාත්‍යවරුන් පිරිසක් ප්‍රසිද්ධියේ විරෝධය පා ඇති අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ ආණ්ඩුවට විරුද්ධව අලුත් පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට ද කතිකාවතක් ඇතැයි එම පුවත් සේවය කියයි.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ 2022 ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10ට ය.
පාර්ලිමේන්තුවේ වාර අවසානය ප්‍රකාශයට පත් කළ ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේම සිංගප්පූරුව බලා ගමන්ගත් බවත් එහිදී විශේෂ වෛද්‍ය පරීක්ෂණ කීපයට භාජනය වීමට නිමිත බවත් මාධ්‍ය වාර්තා කළේය







