රටේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සක්‍රීය විය යුතු බවත් අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී රටේ වැගත් විවාදයක් සිදුවෙමින් ඇති මොහොතක බලාපොරොත්තු රහිත ලෙස සභාවේ විදුලිබලය නැතිවී එය අක්‍රීය වෙනවා නම් එය අතිශය බරපතල තත්වයත් බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී කිවේය.
“මේ යන්ත්‍ර සූත්‍රවල අඩුපාඩුවක් තියනවා නම් ඒක ගැටලුවක්. කතානායක තුමනි. ඔබතුමාට භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ලැබිලා තියනවා. මේ සම්බන්ධව පරීක්ෂා කිරීම නිලධාරීන් නිසිලෙස කටයුතු කර ඇතිදැයි සොයා බැලිය යුතුයි. ඒ ගැන ඔබතුමාගෙ අවධානය යොමු කරන්න කියලා කියනවා. “
මෙහිදී සභානායකවරයා කීවේ විපක්ෂයේ මන්ත්‍රීවරයා මුලින්ම සිය අසුනෙන් නැගිට කතානායකවරයා වෙත ගිය ආකාරය සියලුම කැමරාවල සටහන් වී තිබෙන බවත්, සභානායකවරයා ලෙස තමන්ගේ වගකීම පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධව අවශ්‍ය පරිසරය ලබාදීම බවත් පැවසීය. කතානායකවරයා වෙත සිය අසුනෙන් නැගිටගොස් තර්ජනය කළ මන්ත්‍රීවරයා සම්බන්ධව මුලින්ම පරීක්ෂණ පවත්වා පසුව ඕනෑම පරීක්ෂණයක් පැවැත්වීමට එකඟබවත් සභානායකවරයා කීවේය.
“ඔබතුමා වෙත පැමිණිල්ලක් කළා නම් සත්‍යද නැද්ද කියන එක ඔබ තුමා අතේ තියන කාරණයක්. අවසන් තීරණය දෙන්න පුලුවන් කාරණාවක්.“
“මුලු පාර්ලිමේන්තුව වේදනාවෙන්. එය කළ යුතුමයි. කරුණාකර පාර්ලිමේන්තුවේ ඔබේ අණසක පිහිටුවන්න.“ සභානායකවරයා කීවේය.







