අද සවස ජපන් මිත්‍රත්ව පාර අසල පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ උද්ඝෝෂකයන් අතරට වැදී අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමට උත්සාහ කළ යතුරු පැදිකරුවන් යුද හමුදා සාමාජිකයන් බව පොලිසිය පවසයි.
හදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති මෙම හමුදා යතුරුපැදිකරුවන්ට අද දිනය තුළ අදාල වෙලාවේ දී එම ප්‍රදේශය තුළ කිසිම රාජකාරියක් පවරා නොතිබුණු බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ නීති අනවශ්‍ය කඩාවැදීම ගැටලුවක් බව කියන පොලිසිය මේ සම්බන්ධව විමර්ශනයක් කරන බව ද පවසයි.
මෙම සන්නද්ධ යතුරු පැදිකරුවන් පැමිණ හැරී ගොස් නැවත වරක් උද්ඝෝෂකයන් අතරට වැදී ඔවුන් කුපිත කරන්නට හදන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
ඔවුන් සම්පූර්ණ මුහුණ ආවරණය කරගෙන සිටි අතර යතුරුපැදිවල අංක තහඩු නොතිබිණි. ඔවුන් පොලිසිය අණ නොතකා පොලිස් කණ්ඩායම් මැදින් ගමන් කරනු පෙනුණි.







