ප්‍රධාන පිටි නිශ්පාදන සමාගම් දෙකවන සෙරෙන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි හිමියන් තීරණය කර ඇත.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එස්.කේ ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 170ක් වන බවය.
පිටි කිලෝව මේ වනවිට 255 වුවද අනෙකුත් බේකරි නිශ්පාදනවල මිල පහළ දැමිය නොහැක්කේ ඉතා අසාධාරණ ලෙස බිත්තර නිශ්පාදකයින් බේකරි හිමියන් සහ හෝටල් හිමියන් සූරා කමින් සිටින නිසා බවත් ඔහු කීවේය.
අද උදේ වනවිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 60ක් බව ඔහු කීවේය. කෙසේ වෙතත් ඊයේ සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය උපරිම සිල්ලර මිලක් ප්‍රකාශ කළ බවත් එම මිල රුපියල් 55 බවත් කීවේය.
බේකරි හිමියන්ගේ සංගමය කියන්නෙ අද වනවිට තොග මිලත් රුපියල් 56ක් වී ඇති බවය. ඉල්ලන ප්‍රමාණයෙන් අඩක්වත් සපයා ගත නොහැකි බවය.
බිත්තර මිල අඩුවන මුල්ම අවස්ථාවේ වෙනත් බේකරි කෑම මිල අඩු කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.







