බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාදඩයින් 12ක් පෝරකයට යවා රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කළ අමරකීර්ති අතු කෝරල ඝාතන නඩු තීන්දුව…

by editor
පෙබරවාරි 11, 2026
in පුවත්
athikorala
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ජනතා අරගලයේ පරමාර්ථය මෙන්ම එහි ඉලක්ක සාධනීය මානුෂික අරමුණු නින්දා සහගත ලෙස ව්‍යසනයට ලක් කළ තුච්ඡ අපරාධ කිහිපයක් විය.  පාර්ලමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහර දීම ඉන් එකකි. වෙල්ගම මන්ත්‍රීවරයා මිය යන තුරුම ඒ ප්‍රහාරයෙන් ඇතිවුන පීඩාව වින්දා පමණක් නොව ඔහුගේ මරණය ඉක්මන් කිරීමට ඒ ප්‍රහාරය හේතු වූ බව කියැවිනි.

අරගලය මුවාවෙන් නීතිය අතට ගත් පාදඩයින් පිරිසක් විසින් කළ  රටම කම්පාවූ අපරාධය වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ   සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමය.  සමාජයෙන් නීතියේ ආධිපත්‍ය ගිලිහී ගිය විට මතුවන තිරිසන් ස්වරූපය ගැන  බිහිසුණු කතාවක් අපි සජීවීව දුටුවෙමු.

පසුගිය ජනවාරි 14 වැනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණද, නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් එය අද දින දක්වා කල් තැබීමට විනිසුරු මඬුල්ල තීරණය කර තිබුණි.

අද රටක් බලා සිටි එම තීන්දුව ප්‍රකාශයට පත් විය.  ඒ තිරශ්චීන අපරාධයට වරදකරු වූ විත්තිකරුවන් 12 දෙනෙකුට අද  (11) ගම්පහ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර තිබිණි.  සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල  එම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හෙබවූහ.  මෙම තීන්දුව ප්‍රකායට පත් කරන්නේ ඔවුන් විසිනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

2023 වසරේ සිට වසර දෙකහමාරකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩව විභාග වූ මෙම නඩුව ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් නඩු විභාගයකි.

සිද්ධියේ පසුබිම

2022 වසරේ මැයි මස 09 වැනිදා දිවයින පුරා ඇති වූ “අරගලය” හා සබැඳි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙම ද්විත්ව ඝාතනය සිදුවිය.

එවකට රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. අගමැති මහින්ද රාජපක්ෂය. මුදල් ඇමති බැසිල් රාජපක්ෂය. රට තිබුණේ කර කියාගත දෙයක් නොහැකි තැනකය.  විදේශ විනිමය හිඳී ගොස් තිබිණි. ගෑස් පොලිම්වල මිනිස්සු මිය යමින් සිටියහ. ඉන්ධන පෝලිම්වල දින ගණන් රැඳී සිටීමට මිනිස්සුන්ට සිදුවිය.  ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වී තිබිණි. කාබනික ගොවිතැන අනිවාර්ය කර, රසායනික පොහොර තහනමත් සමග රටේ ආහාර සුරක්ෂිත තාවය බරපතල තත්ත්වයකට ඇද වැටුනේය.   ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මිනිසුන් පාරට බහින්නේ මේ පීඩනය ප්‍රකාශ කිරීමක් ලෙසය.

එම විරෝධතාවය ගාළු මුවදොර පිටියේ පැවතියේ  සාමකාමී සහ නිර්මාණාත්මක ප්‍රවේශයක් සමගය.  එම විරෝධතා භූමියට  2022 වසරේ මැයි මස 09 වැනිදා මහින්ද රාජපක්ෂ  සහ ඔහුගේ දේශපාලන අධිකාරිය විසින් කොළඹට රැස් කළ පිරිසක් විසින් පහර දුන්නේය.

මේ අවස්ථාවට රටේ  සෑම ප්‍රදේශයකින්ම පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරීන් අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබිණි. ප්‍රහාරයට පෙර ජොන්සටන් ප්‍රනාන්දු කීවේ සිදුකළ යුත්තේ කපුටෙක් මරා තට්ටක් එල්ලීම පමණක් බවය. එසේ කළ විට ඔය අරගල හමාර බවය.

මෙසේ පාරම්බා ගාලුමුවදොර අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සමග රට පුරා බලවත් නොසන්සුන්තාවයක් ඇති විය. මහින්ද රාජපක්ෂගේ කැඳවීමට අනුව පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලත් අරලියගහ මන්දිරයට යන්නේය. එම හමුවට සහභාගී වී   මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන යළි පොළොන්නරුව බලා යද්දී  අරගලලයට පහර දීම හේතුවෙන් කුපිත වූ පුද්ගලයින් කණ්ඩායමකට කොටු වන්නේය.

අමරකීර්ති අතුකෝරල යනු පාර්ලිමේන්තුව නියෝජනය කළ අහිංසකම පුද්ගලයෙකි. ඔහුට ඔහුගේ නිර්දෝෂී බව ගැන විශ්වාසයක් තිබිණි.  එහෙත් නිට්ටඹවේ රැක සිටි අපරාධකරුවෝ මේ තමුන් ප්‍රහාර එල්ල කරන්නේ කවරෙකුටද යන්නවත් දැනගෙන සිටියේ නැත.  අමරකීර්ති අතුකෝරලට සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධනට     පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර  මහ මග දමා තිබිණි.  එම ම්ලේච්ඡ ප්‍රහාරය අසල තිබූ CCTV කැමරාවල සවිස්තරාත්මකව සටහන්ව තිබීම නඩු විභාගයේදී තීරණාත්මක සාක්ෂියක් විය.

දීර්ඝ නඩු විභාගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනිණි. ඉන් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 14ක් යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

නඩු විභාගය අතරතුර 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් මියගොස් තිබුණි. 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස්  සිටියහ. ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යන ලදී.

මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් 12 දෙනා නිට්ටඹුව සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් ය.  ඔවුන් වයස අවුරුදු 22ත් 45ත් අතර පසුවන පුද්ගලයෝ වෙති. මරණ දඬුවම නියම වූවන් අතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් කිහිපදෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සාමාජිකයෙකු ද වන බව නඩු විභාගයේදී අනාවරණය විය.

මීට අමතරව, සමහර විත්තිකරුවන් ප්‍රදේශයේ ක්‍රියාකාරී දේශපාලන සම්බන්ධකම් පැවැත්වූවන් බවත්, සිද්ධිය වූ දින කලහකාරී ලෙස හැසිරුණු කණ්ඩායම් මෙහෙයවීමට ඔවුන් දායක වූ බවත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.

මුලින් කී ලෙස සැකකරුවන් 41 දෙනාගෙන් 02ක් මිය ගියහ. 02ක් රට හැර පලා ගියහ. එසේ පලා ගොස් ඇත්තේ මරණීය දණ්ඩනය හිමි වූ පුද්ගලයින් 12 දෙනාගෙන් දෙදෙනෙකි. ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.

සාධාරණ සැකයකින් තොරව වරදකරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඉතිරි 27 දෙනා නිදහස් වුහ.

විමර්ශකයින් විද්‍යාත්මකව වරද ඔප්පු කළ ආකාරය

විමර්ශකයින් විසින් මෙම සැකකරුවන් ඝාතකයින් බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි මත පදනම් වූ ක්‍රමවේදයක් අනුගමනය කර තිබිණි.

නිට්ටඹුව නගරයේ වෙළඳසැල්වල සවිකර තිබූ CCTV කැමරා සහ සිද්ධිය අවස්ථාවේ මහජනයා විසින් ජංගම දුරකථනවලින් පටිගත කරන ලද වීඩියෝ දර්ශන විමර්ශනයේ කොඳු නාරටිය විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙම දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර, ඒවායේ සිටින පුද්ගලයන්ගේ මුහුණු සහ දේහ ලක්ෂණ විත්තිකරුවන්ගේ ලක්ෂණ සමග 100%ක් සැසඳෙන බව තහවුරු කරගන්නා ලදී.

දුරකථන කුළුණු දත්ත (Tower Dump Reports) තවත් සාක්ෂි සපයන නියැතියක් විය.  සිද්ධිය වූ අවස්ථාවේ අදාළ විත්තිකරුවන් නිට්ටඹුව නගරයේ මන්ත්‍රීවරයා ඝාතනය වූ ස්ථානය අවට රැඳී සිටි බව ඔවුන්ගේ ජංගම දුරකථන සංඥා කුළුණු දත්ත මගින් ඔප්පු කෙරිණි. ඔවුන් අතර එම අවස්ථාවේදී හුවමාරු වූ දුරකථන ඇමතුම් ද කුමන්ත්‍රණය ඔප්පු කිරීමට උපකාරී විය.

ඝාතනය සඳහා යොදාගත් පොලු, මුගුරු සහ ගල් පරීක්ෂා කිරීමේදී ඒවායේ තැවරී තිබූ රුධිර සාම්පල මියගිය මන්ත්‍රීවරයාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ රුධිරය බවත්, එම ආයුධවල තිබූ ඇඟිලි සලකුණු සහ ජෛව සාම්පල විත්තිකරුවන්ට අයත් බවත් අධිකරණ වෛද්‍ය වාර්තා මගින් තහවුරු කෙරිණි.

විමර්ශකයින් විසින් මෙම සියලු සාක්ෂි ගොනු කරමින් පෙන්වා දුන්නේ මෙය ක්ෂණික කෝපය මත සිදු වූවක් නොව, සංවිධානාත්මකව පුද්ගලයන් පිරිසක් විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවය.

මෙම ඓතිහාසික අධිකරණ තීන්දුව මගින් සමාජයට ලබාදෙන ප්‍රබලතම පණිවිඩය තිබේ.  සෑම පුද්ගලයෙකු තුළම නීතියේ බර තබා සිර කර සිටින තිරිසනෙක් සිටී. ඒ තිරිසනා නීතිය සමාජ ධර්මතා බිඳ වැටෙන පළමු මොහොතේම නැගී සිටින්නේය. අනතුරුව අනන්‍ය මුග්ධ තිරිසන් කමෙන් හැසිරෙන්නේය.  ඒ අවිචාරවත් පාදඩකම ඒ මොහොතේ ආශ්වාදයක් ලබා දුන්නත් යලිත් සමාජය යථාවත්වන මුල්ම මොහොතේ දී ඒ නින්දාසහගත හැසිරීම් යුක්තිය නාමයෙන් විනිශ්ඡය වන්නේය.

ශ්‍රී ලාංකේය අධිකරණ පද්ධතිය නීතියේ ආධිපත්‍යයත්, වින්දිතයන්ගේ යුක්තියත් ඉහළින්ම තහවුරු කර ඇති  ආකාරය දැක්විය හැකි මෑත කාලීන විශිෂ්ටම ආදර්ශය අද ගම්පහ අධිකරණ භූමියෙන් ප්‍රකාශයට පත් වී තිබීම බලාපොරොත්තු උපදවන්නක් බව ලියා තබමි. මේ ආදර්ශය  ඉදිරියේ දී යළි යළිත් තහවරු දැකීම ජාතියක අපේක්ෂාව ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බුත්තල පාරේ සිටි වන අලියෙකුගේ ෆොටෝ ගන්න ගිය රුසියානු ජාතික කාන්තාවකට වන අලි ප්‍රහාරයක්…

Next Post

දිඹුලාගල දිවුල්දමන  විනිවිද එක්සත් තරුණ සංගමය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සංවිධානය කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.