ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයෙකුට වඩා භයානක අවතාරයක් බඳු අපරාධකාරී පොලිස්පති දේශබන්දු ගේ පැටිකිරිය මාතර උසාවියේ දී හෙළි දරවු වුන හැටි…

by editor
මාර්තු 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නුවන් ජයසේකර –

  • නිවාස 08ක් හිමියි… නමුත් ෆුට් බයිසිකලයක්වත් දේශබන්දු තෙන්නකෝන්ගේ නමට නෑ…

  • පොලිස්පති වුනත් 2021 සිට ඔහුගේ හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුගේ නම් ඡන්ද හිමි නාමලේඛනයේ නෑ…. මේ මනුස්සයා අවතාරයක්… අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කියයි…

  • දේශබන්දුගේ නිවස ගෙයක් නොවෙයි… ස්කාගාරයක්… විදේශ රටවල නිශ්පාදිත වයින් සහ අරක්කු බෝතල් ගණන 1009ක්… අරක්කුවල වටිනාකම පමණක් කෝටි ගණනක්…

  • දවසින් දවස සැඟවී සිටි තැන්වල තොරතුරු අපට අවශ්‍යයයි… සැඟවාගෙන සිටි උන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි… දඬුවම් කළ යුතුයි… ඒක ඒකාට අවශ්‍ය විදිහට කට්ටි පැනලා ටයිකෝට් ඇඳගෙන උසාවි ඇවිත් ඇප ගන්න බැරි බවත් නීතිය හැමට සමාන බවත් ඔප්පු කරන්න… අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලයි…

අත් අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ඉදිරිපත් වී තිබීය දී දින විසස්සක් සැඟව සිට අද (19) පෙරවරුවේ මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග කළේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මේ අවස්ථාවේ දී අධිකරණය හමුවේ රටටම ඇත්තක් කීවේය. ඒ් සැඟවී සිටි පොලිස්පතිවරයා අපරාධ කල්ලි නායකයෙකුට සමාන බවය.

පාදක හේතුව

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර වැලිගම දී සිදුවීමක් අතරතුර කොළඹ අපරාධ ‌කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මිය ගියේය. ඒ් සම්බන්ධව එවකට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙක් අත් අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ් ඉකුත් පෙබරවාරි 21 වැනිදාය . ඒහෙත් තමන් අත් අඩංගුවට ගැනීමට අධිකරණය ඉදිරිපත් කළ නියෝගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

ඒ් අනුව ඉකුත් සඳුදා අදාල පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිනි. අභියාචනාධීකරණය නයෝග කළේ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරන ලෙසය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කීපයක් දේශබන්දු තෙන්නකෝන් සොයා විමර්ශන සිදුකළේය. පස්වරුවේ දී නිවස පරීක්ෂා කළේය. නිවසේ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමක් සහිත මත් පැන් බෝතල් 795 හමුවිනිය. වයින් බෝතල් 214කි. හමුවුන මත් පැන් බෝතල් ප්‍රමාණය 1009කි. හැම්පර්ස් ගණන 150කට ආසන්නය. ඒ්වා ඊයේ රාත්‍රියේ අතුරුගිරිය පොලිසියට භාර දීම ද සිදු කෙරිනි.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

වැඩ අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද උදේ 7.50ට පමණ අධිකරණයට භාර වන්නේය. ඒ් සිය නීතිඥවරුන් සමග පැමිණය. ඒ් වනවිට දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග නිකුත් කර දින 20ක් පසුවී තිබිණි. ඒ් වනවිට ඔහුගේ දේපල රාජසන්තක කිරීම සම්බන්ධව දැන්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර අධිකරණය වෙත ගොස් තිබිණි.

නීති කෘත්‍ය කැදවීම

නීති කෘත්‍ය කැඳවූ අවස්ථාවේ දි සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පළමුව කරුණු දැක්වීම සිදුකළේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහය. ඔහු අධිකරණය ඉදිරියේ මෙසේ කීවේය.

” මේ අවස්ථාවේ ඔබතුමන්ගේ අධිකරණයට සලකා බැලීමට තිබෙන්නේ මොහුට ඇප ලබා දෙනවා ද නැද්ද යන නියෝගයයි. ඇප ප්‍රතික්ෂේප කිරීමට නම් සැකකරුවෙක් විමර්ශනවලට සහාය පල නොකර අධිකරණය මගහැරීම හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් කරන බව තහවුරු වෙන්න ඔ්න.”

“නමුත් අභියාචනාධිකරණයේ නෛතික සහන ප්‍රතික්ෂේප වූ පසු ලද පළමු අවස්ථාවේදීම විත්තරකරු මෙ අධිකරණයට පැමිණ තිබෙනවා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් මොහුගේ වැඩ තහනම් කෙරුණත් මොහු තවම ශ්‍රී ලංකාවේ පොලිස්පති. මොහු පොලිස්පති තනතුරට පත් වූ පසු පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව යුධ ප්‍රකාශ කළා යුක්තිය නමින්. ඒ් නිසාම ඔහුට ජීවිත තර්ජන තියනවා. යම් හෙයකින් ඔහුව රක්ෂිත බන්ධාගාරගත කළහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුලුවන්.” ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අධිකරණයට කියා සිටියේ ඔ්නෑම කොන්දේසියක් යටතේ දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හරින ලෙසය.

දීලීප පීරිස් කළ ඇඟ කිලිපොලා යන හෙළිදරව්ව –

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොළඹ සිට මාතර අධිකරණයට පැමිණ තිබුණේය. ඒ දුටු තැන අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වූ  දේශබන්දු ටයිකෝට් සහිතව සුපිරි වාහනයක සිය නීතිඥයින් පිරිවරාගෙන පැමිණ උසාවියේ බංකුවක වාඩි වී සිටින බවට වූ ආංචිය ලැබීමෙන්ය. නීතිය සහ යුක්ති ධර්මය තවමත් මේ රටේ ආරක්ෂා වී ඇති බව පෙන්වා දෙන ආකාරයේ නිර්භීත හෙළිදරව් කිරීමක් මාතර මහොස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින් සිදු කරනු ලබන්නේ ඉන් පසුවය.

“ස්වාමීනී… අද උදෑසන මට දැනගන්න ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන සැකකරුවෙක් ටයි කෝට් ඇඳගෙන බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් ඇවිල්ලා මාතර අධිකරණ ශාලාවේ පුටුවක වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැල වීමෙන් පසුවයි මා නීතිපතිවරයා වෙනුවෙන් මෙහි ආවේ. හිතුවද දන්නේ නෑ මෝසම පිළිබඳ අපට දැනුම් දීමක් කරන්නේ නැතිව හොර පූසො වගේ උසාවි ඇවිත් පාළු ගෙයි වළං බිඳලා ඇප අරන් යන්න. ”

මම අහන්න කැමතියි ස්වාමීනි… විවෘත වරෙන්තුකරුවෙක් කූඩුවේ නොසිට ඇයි මෙහෙම බංකුවේ ඉඳගෙන ඉන්නේ කියලා.

“ස්වමීනි මොහු අපරාධකාරයෙක් . අපරාධකරුවෙකු මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් බංකුවක වාඩි වෙලා ඉන්න බෑ. ෆෝන් ඔ්ෆ් කරගෙන,  යටි කූට්ටු වැඩ, උප්පරවැටිටි අංචි අදිමින් දින 20ක් අධිකරණය මගහැර සැඟව සිටි මොහු සුපිරි රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සෙ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස නම් කර තිබුණෙ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවෙ දොර අගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා.

මොහු පොලිස්පති ලෙස රාජකාරි කරද්දි කිව්වා නීතිඥවරුන් තමයි අපරාධකරුවො ආරක්ෂා කරන්නෙ කියලා. ඒහෙම කියපු ඔහුටම අද නීතිඥවරු වටකරගෙන අධිකරණයට එන්න වෙලා තියනවා. මේක ස්වාමීනි W15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුවක් නොවෙයි. මේක දිට්ඨධම්මවේදනීය කර්මය පිළිබඳ නඩුවක්. මොහු‌ගේ කර්මයයි මේ ආත්මයේ දීම පල කරලා තියෙන්නේ. ”

එමෙන්ම ස්වාමීනි. ඔබතුමාගේ අධිකරණයෙන් ඉකුත් මස 27 වැනිදා නියෝගයක් නිකුත් කළ දා පටන් ප්‍රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් සේනාවක් මොහුව සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබිච්ච ලිපිනයේ ඉන්නෙ හාමුදුරු නමක්. පසුගිය දින කීපයේදිම දීම මෙයා ගැන පොලිසිය නිලමේවරු , දේශපාලකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නෙ ඒ වගෙ පුද්ගලයොත් එක්කයි.

ඊයේ මේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී විදේශයයේ නිශ්පාදිත මත්පැන් බොතල් 795 ක් සොයාගෙන තිබෙනවා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ගන්න බැරි පසුබිමක හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා. ඔක්කොම බෝතල්වල වටිනාකම කෝටි ගණනක්. ඒ්ක ස්වාමීනි ගෙයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ස්කාගාරයක්.

රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ඒපා, ජීවිත තර්ජන තියනවා කියන මොහු දින 20ක් සැඟවිලා හිටියේ තමන්ගේ රාජකාරි ගිනි අවියත් නිවසේ ඇඳුම් අස්සේ සඟවලා.

ස්වාමීනි. මොහුගේ නමට කිසිදු දේපලක් ලියාපදිංචි කරලා නෑ. අඩුම තරමින් ෆුට් බයිසිකයලක්වත් නෑ. නමුත් නිල නොවන මට්ටමින් මොහුට ගෙවල් 08ක් තියනවා කියලා දැනට අනාවරණය කරගෙන තියනවා. ඒ්කයි මම කිව්වේ. සංවිධානාත්මක අපරාධ කරුවොවන මධුෂ්ට හෝ හරක් කාටාවත් මෙහෙම සූක්ෂමව වැඩ කරන්න බෑ කියලා.

අපි තවත් දෙයක් සොයාගත්තා ස්වාමීනී. අදටත් රටේ පොලිස්පති කියන මොහු හෝ පවුලේ කිසිවෙකුගේ නම් 2021 වසරේ ඉඳලා ඡන්ද හිමි නාමලේඛනයේවත් ඇතුළත් වෙලා නෑ. He is a Gost… මොහු ඇත්තටම අද්භූද පුද්ගලයෙක්.

නීතිය සැමට සමාන බව පෙන්වා දෙන්න…

කරුණු දැක්වීම අවසානයේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා මෙම සැකකරු අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු බවත් සමාජයට පණිවිඩයක් දිය හැකි තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දීමට තරයේ විරෝධය පල කරමිනි. ඔහු ඉල්ලා සිටියේ දේශබන්දුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර . සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

” ස්වාමීනි… මේ අවස්ථාවේ දී තියෙන්නේ ඇප ලබාදීමේ තීරණයක් නොවෙයි. ඉකුත් 27 වැනිදා ඉඳලා සැඟවිනා සිටටියේ කොහෙද කියන ඒක සොයන්න. 27 වැනිදා ඉඳන් අද වෙනකම් හිටියේ කොහෛද කියලා දවසක් ගානේ අපට කියන්න ඔ්නේ. සැගව සිටින්න ආධාර අනුබල දීපු හැම කෙනෙක්වම සොයලා මේ අධිකරණයට අපි ගේනවා. ඒ් වගේම ඉතිරි 07 දෙනාටත් ඒරෙහිව නෛතික පියවර නොගන්නා බවට වූ ඒකඟතාවය දැන් වලංගු නෑ. ඔවුන් වහාම අධිකරණයට ඉදිරිපත් වෙන්න ඔ්න.”

” අද දිනයේ ඔබතුමන්ගේ අධිකරණයෙන් සමාජයට පණිවිඩයක් දෙන්න ඔ්න නීතිය සැමට සමානයි කියලා. එක එකාට ඔ්න විදිහට කට්ටි පැනලා, නිදාගෙන ඉඳලා, ඇහැරිලා, ටයි කෝට් ඇඳගෙන උසාවි ඇවිත් ඉඳගෙන ඉන්න බැහැ කියලා. ”

” එබැවින් ස්වාමිනි… මොහු සම්බන්දයෙන් තව බොහෝ විමර්ශන කළ යුතු බැවින් ඇප ප්‍රතික්ෂේප කර ඉදිරි නඩු දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මොහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝග හෙට දින ප්‍රකාශයට පත් කරන බවට දැනුම් දුන්නේය. දැන් දේශබන්දු අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේය. රට බලාගෙන ඉන්නේ රටේ නීතිය හැමට සමානදැයි පෙන්වා දෙන ලිට්මස් පරීක්ෂණය දෙසය. හෙට මාතර අධිකරණයේ දී එය සිදුකරනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු රිමාන්ඩ්…

Next Post

මාධ්‍යවේදියෙක් ලෙස පෙනී සිටිමින් ජාවාරම් කරන පුද්ගලයෙක් ගැන නුවර රාජ්‍ය ආයතනවලට පැමිණිලි !

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.