එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තෑ හත්වන මහ මණ්ඩල සැසිවාරයේදී පාකිස්ථාන අග්‍රාමත්‍ය ෂෙබාස් ෂරීෆ් විසින් සිදු කළ කාතව මීට පෙර හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් විසින් සිදු කළ කාතාව සම්පූර්ණයෙන්ම පිටපත් කර ඉදිරිපත් කිරීමක් බවට චෝදනා එල්ල වී තිබේ.
ඉම්රාන් ඛාන් නායකත්වය දරණ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් හී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම වෝදනාව එල්ල කර තිබේ.
“අග්‍රාමත්‍ය ෂෙබාස් ෂරීෆ් සිදු කළ කාතව සම්පූර්ණයෙන්ම මීට පෙර ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කළ කතාවේ පිටපතක්” යැයි ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් හී ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂා මහමුද් කුරේෂි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි..
‟ඉම්රාන් ඛාන් විසින් ජගත් සංවිධානයේදී ඉදිරි සිදුකල කතාවේදී ඉදිරි පත් කළ කරුණු ඒ ආකාරයටම අග්‍රාමාත්‍ය ෂෙබාස් විසින් සිය අදහස් දැක්වීම සිදු කර තිබෙනව. සමහර විට ඔහු ඉම්රාන් ඛාන්ගේ පෙර කථාවක් පිටපත් කර එය ඒ විදිමට ඉදිරිපත් කළා වෙන්න් පුළුවන්” යනුවෙන්ද කුරේෂි උපහාසාත්මක පවසා ඇත.
ලොව පුරා දේශගුණික ව්‍යසනයන් පිටුපස සිටින්නේ සංවර්ධිත රටවල් බවට ලෝකයට මතක් කර දීම අග්‍රාමත්‍යවරයා විසින් සිදු කළ යහපත් දෙයක් බවද කුරේෂි පෙන්වා දී තිබේ. එහෙත් දේශගුණික විපර්යාසයෙන් පාකිස්ථානයට ඇතිවන බලපෑම් අවම කිරීමට අග්‍රාමත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ ඔහුගේ සහෝදරයා වන හිටපු අග්‍රාමත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ් ගෙන ඇති පියවර කවරේදැයි යනුවෙන්ද කුරේෂී මෙහිදී විමසා තිබේ.
පාකිස්ථානය දේශගුණික විපර්යාසයෙන් මැත කාලයේදී වැඩි වශයෙන්ම බලපෑමට ලක්වු රට වන අතර මේවන විටත් විශාල පිරිසක් පසුගිය කාලයේදී ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටියි.







