දිනසේන රතුගමගේ –
රජය විසින් රුපියල් 130 කට මිල නියම කරණ ලද සීනි මිලට ගැනීම සඳහා වවුනියාවේ සතොස හා සමුපකාර සමීතිවල අලෙවි සැල් ඉදිරිපිට ඊයේ 2 සිට පාරිභෝගිකයින් විශාල පොලිම් වල රැදී සිටිනු දක්නට ලැබුණි.
ලැබී ඇති සීනි තොග සීමා සහිත බැවින් එක් පාරිභෝගිකයෙකු වෙත එක් සීනි කිලෝවක් පමණක් නිකුත් කෙරුණු අතර 6 දා සිට අවශ්‍ය ප්‍රමාණයට පාරිභෝගිකයින්ට සීනි තොග ලබා දෙන බව සතොස කලමනාකරුවෝ කියා සිටියහ.
ගත වූ දින කීපය තුළ සීනි මිල ඉහල යාමත් සමගම උතුරේ බොහෝ පළාත්වල විශාල වශයෙන් සීනි හිඟයක් දක්නට ලැබුණු අතර ඉදිරි දින වලදී සීනි මිල තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් වෙළෙන්දන් සීනි තොග සැඟවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පැවසීය.
මේ අතර සීනි මිල ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යන වවුනියාවේ රාජ්‍ය ආයතනවල ආපන ශාලාවල මීට පෙර රුපියල් 20 කට අලෙවි වූ තේ කෝප්පයක මිල රුපියල් 40 ක් දක්වා ඉහල ගොස් තිබුණි.